Sunday, March 1, 2015

fake Shutdown අඟවා ඔබේ දත්ත හෙවත් data සොරාගන්නා නව Android සහ i phone malware app එකක්

new_android_virus
http://hakkrishtrixx.blogspot.com

ඔබ සතුව Android, I Phone සහ app ගබඩා වලින් වැඩි සුප්රසිද්ධ third party apps උපකරණයේ ඇති නම් එය, ඔබගේ දුරකථනය ස්වයන්ක්‍රියව off කර තිබේ නම්, මේවනවිට ඔබ මේ malware virus එකට නතු වී හමාරයි.එය ඔබට අනතුරේ දමා ඒ වෙනුවට හුදෙක් සර්වසම ලෙස දුරකථනය shutdown වී ඇති ලෙසටම පෙන්නන්න පුළුවන් ඉතාම දක්ෂ නව කරදරකාරී මෘදුකාංග app එකකි. 

මේක ඔය power button එක press කරලා off කරද්දීත්,lock කරද්දීත් activate වෙනවා.

මෙමගින් shut down වී ඇති ලෙසටම  පෙනුමක් ඇති කරයි .ඒ සදහා එය ව්‍යාජ animation ක්‍රමයක් භාවිතා කරයි මෙහිදී ඔබේ තිරය කළු වී යන අතර එම අවස්ථාවේදී app එක මඟින් ඔබේ දත්ත වලට ප්‍රවේශ වීමට ඉඩ සලසයි. Malware virus එක ක්‍රියාත්මක වී, කිහිප වරක් ඔබේ දුරකථන rootkit හෙවත් system එකට පිවිසෙයි.

 සමහර විට ඔබේ data delete හෝ contact delete කරයි.save කළ passwords ලබාගනී. තවත් කරදරකාරී apps auto download කරයි,system එක පවා crash විය හැක. ඔබට එන ඇමතුම් auto cut කරන්න,, ඔබට නොදැනී ලබා ගන්නා ඇමතුම් කරන්න, ඔබේ පින්තූර,videos, face book, email Id ඇතුළු ඔබ save කළ සියලු දේ සොරාගැනීමේ හැකියාවත් ඇති බැවින් මෙය ටිකක් ප්‍රබල virus එකකි.


කෙසේ AVG පැහැදිලි කරන්නේ ඔවුන්  මෙය PowerOffHijack malware යන නමින් හදුන්වන අතර, මෙම virus එක පළමුව එන ඇමතුම් auto cut කිරීමෙන් බිහිවී ඇත,දැන් තිබෙන්නේ එහි නවතම virus එකකි , එය පළමුව Avg විසින් දැක තිබේ. මෙම virus එක නිපදවූ කණ්ඩායම චීනයේ දී බිහිවූ අතර දැනටමත් චීනය හා අනෙක් රටවල් තුලද මෙම දුරකථන virus එක පැතිරී ඇත.

දැනට පවතින සමීක්ෂණ අනුව අනුමාන ලෙස,චීනයේ 10,000ක් ද, ලෝකයේ අවම ලෙස දුරකථන මිලියන 5 කටත් අධික ප්‍රමාණයට මෙම virus එක apps මගින් ලෝකය පුරා පැතිරෙමින් ආසාදනය කරමින් යන බව විශ්වාස කරයි.මෙය ගූගල් සමාගමත් මෙය සනාථ කරයි.

මෙම malware virus එකෙන් ඔබේ දුරකථනය ආරක්ෂා කරගැනීමට නම්,



Android කට්ටියට


  • android 5 version එකට වඩා අඩු නම් antivirus app එකක් භාවිතා කරන්න.දැනට මේක හොයාගන්න පුළුවන් avg වලට විතරයි ලු.


  • android 5.0 version එක නම්, ඔබේ දුරකථනයේ software update දෙන්න.එවිට system එකේ ආරක්ෂාව වැඩිදියුණු වේ.

  • android root කරපු කට්ටියට phone එකට virus එක ඉක්මනින් spread වෙනවලු.root අය apps ගන්න කොට ටිකක් පරිස්සමෙන්...!!!!



  • Google play එකේ හැර වෙන කොහෙවත් apps ගන්න එපා.එහෙම ගන්නවානම් හොදටම විස්වාස store එකකින් ගන්න.play store එකෙන් ගන්නකොටත් app එක check කරලාම ගන්න.app එකකට වටිනා phone එක බිලිදෙන්න එපා.එහෙම ගන්නවානම් ram එක කෑවත් කමක් නැහැ කියල antivirus එකක් දාගන්න.






Apple කට්ටියට


  • apple කට්ටිය ඔයාලගේ Os එක අලුත්ම 8 එකට update කරගන්න.

  • jailbreak කරපු apple එකක් නම් ගොඩාක් ප්‍රවේසම් වෙන්න ඕනි.මොකද android වලට වඩා jailbreak කරපු apple ඒවා virus ඉක්මනින් access වෙනවා.

  • තවත් කියනවා නම් Google play හෝ i phone එකේ store එකේ උනත් app එක හදපු අය චීන කට්ටිය නොවේ නම් ඔයා safe.මොකද දැන් එයාලා ඔය server වලටත් app දාන්න හදන නිසා...කෝකටත් හොයල බලලම app එකක් ගන්න එක phone එකටත් ගුණයි..සාක්කුවටත් ගුණයි....




virus එක phone එකට බාගත්තු අර වාසනාවන්තයන්ට ඉතින් කියන්න තියෙන්නේ...phone එක off වෙලා වගේ පෙන්නන වෙලාවට ඉක්මනින් phone එකේ battery එක ගලවලා තියන්න.ආයේ ඕකට ලෝකේ කට්ටිය විසදුමක් හොයගන්නකම් ඔයාගේ phone එක ඉවරම තමා...කියන්නත් දුකයි ඉතින් කරන්න දෙයක් නැහැ bro...!! නමුත් හැකි ඉක්මනින් ඕකට විසදුමක් හොයාගනිවී කියල හිතනවා..



හරි කට්ටියම සුබ දවසක් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා..!!
ඔබට ජයෙන් ජයම වේවා :)

0 comments:

Post a Comment