Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, December 2, 2015

අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS


අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS 








Assignment වැඩකටයුතු හින්දා පොස්ට් ලියන්න බැරි උනා...ඒනිසා ලැබුණු free time එකේ ඔයාලට අලුත් දෙයක් ගෙනාවා....

අලුත් දෙයක් කිව්වට අලුත්ම නෙවෙයි..මොකද අපි හැමදෙනාම whatsapp භාවිතා කරන පිරිසක්.... අද මං ඔයාලට ගෙනාවේ WhatsApp plus app එක....




මේකේ සාමාන්‍ය WhatsApp එකට වඩා සුවිශේෂී විශේෂාංග තියෙනවා... app එකේ ප්‍රමාණ‍යත් සාමාන්‍ය WhatsApp app එක්ක බලද්දී අඩුයි...මේ ක්‍රමය භාවිතා කරලා ඔයාලට එකම දුරකථනයේ WhatsApp account දෙකක් උනත් භාවිතා කරන්න පුලුවන්.

Google play store eke මේ WhatsApp plus එක ගන්න බැහැ.හේතුව මේ WhatsApp plus එක හදලා තියෙන්නේ developer කට්ටියට...එහෙම සීමා උනාට සාමාන්‍ය කට්ටියටත් මේක කිසිම බියක් සැකයක් නැතුව භාවිතා කරන්න පුලුවන්.






මේකේ' අලුත් විශේෂාංග අපි දැනගනිමු...


මෙය official antiban version එකකි.එම නිසා කිසිම විටෙක WhatsApp community එක මගින් ban වීමක් සිදු නොවේ. ( නිල නොවෙන වෙනත් WhatsApp plus මගින් ban වීම සිදුවේ.)

WhatsApp call සදහා සහය දැක්වීම හා සාමාන්‍ය WhatsApp වලට වඩා අඩු data ප්‍රමාණයක් call සදහා වැයවීම.

සාමාන්‍ය WhatsApp වල වීඩ්යෝ යැවීමේ උපරිම ප්‍රමාණය 16Mbක් වන අතර මෙම WhatsApp plus වල එය 30Mbකි.

සාමාන්‍ය WhatsApp වල ජායාරූප select කර යැවීමේ උපරිම ප්‍රමාණය 10ක් වන අතර මෙම WhatsApp plus වල එය 90කි.එනම් එකවර ජායාරූප 90ක් යැවීමට හැකිය.

ඔබට එන photos,videos යනාදිය download නොකර එය preview කල හැකිය.

ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus පෙනුම, වර්ණය වෙනස් කල හැක. ( themes යනාදියද ඇත.)

සාමාන්‍ය WhatsApp වල symbols හෙවත් smilies ප්‍රමාණය 139ක් වන අතර මෙම WhatsApp plus වල එය 250කි.( facebook හි භාවිතා වන smilies පවා ඇත.)




ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus එකේ notification එන icon එකේ වර්ණය වෙනස් කල හැක.

ඔබේ online now යනුවෙන් ඔබේ නමට යටින් පෙන්වන status එක hide කල හැකිය.එලෙසම recording,typing ලෙස chat කරන විට පෙන්වන status ද hide කල හැක.




ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus app icon එකේ වර්ණය වෙනස් කල හැක.

ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus එකේ  blue tick එක වෙනස් කල හැක.

සාමාන්‍ය WhatsApp වල images යවන විට image quality එක අඩුවේ.නියම image resolution එක නොලැබේ.එම නිසා ලැබෙන image එක යැවීමට පෙර තරම් quality නොවේ.
නමුත් මෙම WhatsApp plus වල එය compress නොකර share වන බැවින් image quality එලෙසම ලැබේ.



Group වල group info තුල එකිනෙකා chat කල chat message ගණන වෙන්වෙන්ව බලාගත හැකිවීම.

අප වෙත ලැබු යම් දෙයක් copy කර share කිරිමේදී ස්වයංක්‍රීයව නම සහ දිනය මගහැර copy වීම..



විශේෂ privacy සැකසුම්


වෙනත් කිසිම app එකක උපකාරයකින් තොරව WhatsApp plus app එක password දමා lock කල හැකි වීම

ඔබට යම් නොදන්නා අංකයකින් message එකක් ලැබුනොත් එම අංකය contacts වලට save නොකර එම අංකයට WhatsApp call ගත හැක.

තවත් බොහෝ විශේෂාංග... :)

තවත් බොහෝ දේ... ;)





WhatsApp plus install කිරීමේ උපදෙස්


1.මුලින්ම මෙහි ඇති WhatsApp plus download link එක මගින් WhatsApp plus apk එක download කරගන්න.

2.ඉන්පසු internet data on කර ඔබේ සාමාන්‍ය WhatsApp එකට ගොස් chat backup එකක් කරගන්න. (පරණ chats අවශ්‍ය නම්)

Chat backup කරන ක්‍රමය - settings ----> chat and calls ----> backup chats


3.දැන් ඔබේ සාමාන්‍ය WhatsApp එක uninstall කරන්න.නමුත් WhatsApp folder එක delete කරන්න එපා.එහෙම කලොත්,ගත්තු backup එක delete වෙයි

4.ඉන්පසු මෙම WhatsApp plus apk එක install කරගන්න.

5.දැන් එය open කරන්න...සාමාන්‍ය WhatsApp ලෙසම ඔබේ දුරකථන අංක ලබාගෙන chat backup found ලෙස පෙන්වයි...එහිදි restore යන්න click කිරීමෙන් ඔබේ පරණ chats ඔබට ලැබෙන අතර WhatsApp plus හි අලුත් විශේෂාංග ඔබට අත්විදින්නට පුලුවනි.





Dual WhatsApp භාවිතා කිරීමට - එකම දුරකථනයේ WhatsApp දෙකක් ( ram අඩු අගයක් ඇති දුරකථනවලට නුසුදුසුයි.)


ඉහත ආකාරයට WhatsApp plus install කිරීමෙන් පසු,google play store එකෙන් සාමාන්‍ය WhatsApp එක install කරන්න.
දැන් සාමාන්‍ය WhatsApp එක open කර ඔබේ දුරකථන අංකය ලබාදි භාවිතා කරන්න.

දැන් ඔබට WhatsApp plus සමග සාමාන්‍ය WhatsApp එකද එකම දුරකථනයේ භාවිතා කල හැකිය.




Download තොටුපොළ


අලුත්ම GBwhatsApp plus app v.3.60 link එකට මෙතැනින් click කරන්න

official GBMods Google+ Group එකට මෙතැනින් click කරන්න

GBwhatsApp official website එකට මෙතැනින් click කරන්න





මං හිතනවා මේ පොස්ට් එක WhatsApp භාවිතා කරන අයට අලුත් සහ වටිනා post එකක් වෙයි කියලා....

එහෙනම් තවත් සුපිරි පොස්ටුවක් එක්ක හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!


Thursday, October 15, 2015

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends






ගොඩාක් දවස්වලට පස්සේ ලැබුණු විවේකයෙන් ආයෙත් බ්ලොග් පිටුවක් සරසන්න වෙලාවක් ලැබුනා.ඉතින් අද ඔයාලට ගෙනාවේ multi-player සෙල්ලම් කරන්න පුළුවන් online android game එකක්.
online කිව්වම බයවෙන්න එපා.data කැපෙනවා ගොඩාක් අඩුයි.ඒ නිසා බය නැතුව ගේමට බහින්න පුළුවන් ඉතින් :P


game එක පොඩි සහ සරල උනාට යහළුවට බෝම්බෙ තියලා දුවන එකත් මාරම fun එකක් තමා... :P



multiplayer විතරක් නෙවෙයි single player තියෙනවා offline සෙල්ලම් කරන්න...අනික අපේ සොල්දාදුවා අපිට ඕනි විදිහට හැඩකරගන්න,game අතරේ chat කරන්න,chat stickers වගේ මාරම දේවල් තියෙන game එකක්...



තියෙන එකම අවුල multiplayer ගහන්න ඕනි නම් google play games app එක තියෙන්න ඕනි...එකෙන් තමා යහළුවන්ට game invite කරන්නේ.multiplayer ගහන ඕනිම game එකට අනිවා google play games app ඕනි හින්දා එක අවුලකුත් නැහැ.


කියන්න තවත් වටිනාම දෙයක් අමතක උනානේ...මේක android වලට විතරක් නෙවෙයි..apple ios කට්ටියටත් තියෙනවා..ඒ නිසා එයාලටත් ගේම තමා....


වැඩි කතා boring නේ....හරි අපි download තොටුපොළට යමු.



download තොටුපොළ


google play store එකට මෙතැනින් click කරන්න

apple අයට i tunes වලට මෙතැනින් click කරන්න

මගේ upload app link එකට මෙතැනින් click කරන්න

google play games එකට මෙතැනින් click කරන්න




මං හිතනවා මේ පොස්ට් එක android and ios gamersලට අලුත් සහ වටිනා post එකක් වෙ යිකියලා....

එහෙනම් තවත් සුපිරි පොස්ටුවක් එක්ක හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!


Thursday, September 3, 2015

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia


Mini-Militia-logo


Mini Militia කියන්නේ i-phone වල ජනප්‍රිය game එකක්...දැන් මේක android වලටත් එයාලා නිර්මාණය කරලා තියෙනවා.

මේක multiplayer game එකක්..ඒ කියන්නේ තවත් android භාවිතා කරන කෙනෙක් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්.නමුත් මේ game එකට data ඕනි.

Mini-Militia-survival


internet data කැපෙන එක මම දන්න තරමින් සැහෙන්න අඩුයි.මටනම් පැය භාගයකට කැපුණේ 6mb තමා.(on samsung galaxy note gt n7000 )

online shooting game එකක් නිසා ඔයාලට දෙපිලකට බෙදිලා ආයුධ අරන් හමුදාවේ වගේ සටන් කරන්න පුළුවන්.ඔයාගේ player look එක නමත් වෙනස් කරන්න පුළුවන්..3D animation නැහැ.නමුත් animated Graphics අතින් නම් game එක නියමයි.

2D game එකක් නිසා වැඩිහරියක් android device වල සෙල්ලම් කරන්න අවස්ථාව හිමිවෙනවා.

Mini-Militia-online-multiplayer

Mini-Militia-online



තාම මේකට google+ invite කරන function එක ලැබිලා නැහැ.නමුත් ඉදිරි update වල ලබාදෙන නිසා යහළුවන්ට invite කරන එක ඉතාම පහසු වෙයි.ඉදිරියේදී android වලටම සුවිශේෂ update දෙනවා.එතකොට game එක නම් එලම තමා.මටනම් හොදම එක deathmatch online තමා :)

Mini-Militia-avatars


මාත් ඉන්නවා player online වල සමහරවිට, username එක : hakeem2905
add කරගන්න....


සෙල්ලම් කරන යහළුවෝ ඉන්නවා නම් පහල comment එකේ username එක දෙන්න.එතකොට කැමති කට්ටිය set වේවි online එකට....

play කරනවා නම්,
multiplayer ---> deathmatch ---> online ගිහින් search කරලා ඔයාගේ අවශ්‍ය player ඔබට connect වෙනකම් ඉන්න.හරි කෙනා ආවම ready කියන button එක දෙන්නම දෙන්න.එතකොට game එක start වෙයි.



හරි විස්තර ඇතිනේ...දැන් වැඩේට බහිමු....!!!!


download තොටුපොල


google play store එකට මෙතැනින් click කරන්න

apple අයට i tunes වලට මෙතැනින් click කරන්න

dropbox app link එකට මෙතැනින් click කරන්න



මං හිතනවා මේ පොස්ට් එක android gamersලට අලුත් සහ වටිනා post එකක් කියලා....

එහෙනම් තවත් නැවුම් පොස්ටුවක් එක්ක හමුවෙනතුරු සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!



අනවශ්‍ය app දැන්වීම් හා අනෙකුත් දැන්වීම් වලින් ඔබේ android දුරකථනය ආරක්ෂා කිරීමට Ad-Away

අනවශ්‍ය app දැන්වීම් හා අනෙකුත් දැන්වීම් වලින් ඔබේ android දුරකථනය ආරක්ෂා කිරීමට Ad-Away



logo-of-ad-away


ඔයාලා දන්නවා ඇති google play store එකේ තියෙන free app වලින් වැඩි හරියක්ම තියෙන්නේ ad දාලා තමා.සමහර app developer කට්ටිය pro version කියලා ad නැති app එක දෙනවා සල්ලිවලට...එහෙමයි දැන් ගොඩක් apps වැඩවෙන්නේ.

අනික android game download කරගත්තත් එකෙත් ad එකක්...මෙහෙම advertisement දැකල දැකලා එපා වෙලා ඇති.( මටත් තමා :p )

ads-stop

ඉතින් මේ app advertisement කරදරයට විසදුමක් තමා අද ගෙනාවේ ඔයාලට....මේකේ නම ad-away....මේක google play store එකේ දැන් නැහැ.මොකද තමන්ගේ ආදායම නැති වෙනවට කැමති නැති අය හින්දා මේක දැන් google play එකේ නැහැ.

නමුත් මේක දැම්මම app එකෙන් host file update කරලා එකෙන් එන ad සියල්ල ඉවත් කරලා දෙනවා.100% විශ්වාසය තියලා use කරන්න පුළුවන් app එකක්.ram කන්නේ නැහැ.app එකත් පොඩි mb ගානක් තමා.

ඒ වගේම මේක කරන්න root ඕනි..සහ host file download වෙන්න පොඩි data ප්‍රමාණයක් (6 Mb වගේ) ඕනි වෙනවා.ඊට පස්සේ ඕනිම app එකක් ad නැතුව use කරන්න පුළුවන්.


ad-away-interface


වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු...


download තොටුපොල


Ad-Away app හි නිල website එකට මෙතැනින් click කරන්න

official download link එකට මෙතැනින් click කරන්න

Ad Away dropbox link එකට මෙතැනින් click කරන්න


මං හිතනවා මෙමගින් ඔයාලගේ android advertisement කරදරය හමාර වෙයි කියලා....

අදට ඔබෙන් සමුගන්නවා....
තවත් පොස්ට් එකකින් හමුවෙනතුරු...
ඔබට සුබ දවසක්...!!!!

Saturday, August 8, 2015

ඔබට සුදුසු smart phone හා අනෙකුත් දේ තෝරාගන්න ලේසිම ක්‍රමය

ඔබට සුදුසු smart phone හා අනෙකුත් දේ තෝරාගන්න ලේසිම ක්‍රමය 


මාසයක් තිස්සේ මට software development projects තිබුණා ඒ නිසයි අලුත් පොස්ට් එකක් ඔයාලට දෙන්න බැරි උනේ...එකට සමාවෙන්න....දැනුත් ලැබුන චන්දෙ නිවාඩු කාලේ නිසා පොස්ට් එකට බහින්න ඉඩක් ලැබුණා...project වැඩ වලින් නිදහස් වෙන පොඩි වෙලාවක තවත් පොස්ට් ලියල දිගටම පොස්ට් දෙනවා...රැදිලා ඉන්න අපිත් එක්ක...

අද දෙන්න යන්නේ website එකක්....කෙටියෙන්ම කිව්වොත් එකෙන් කරන්නේ ඔයාලගේ අවශ්‍යතාවයන් අහලා එකට සුදුසු  smart phone එක ඔයාලට suggestion කරන එකයි.මේක නිසා smart phone වර්ගය හා නම් හොයලා එක Google එකේ search කරන එක නැති කරලා අවශ්‍යතාවයට අනුව ස්මාර්ට් උපාංග හොයාගන්න ක්‍රමයක් ඔයාලට ලබාදෙනවා 


smart phone විතරක්ම නෙවෙයි....laptops,tablet devices,SSD hard disks,3D printers සහ USB devices යනාදියත් මේ වගේ හොයලා තෝරාගන්න පුළුවන්....තාක්ෂනය දැනුම ඇති අයට තෝරාගැනීම සුළු දෙයක් උනත් සාමාන්‍ය කට්ටියට එක නුහුරු දෙයක්...එයාලට මේ website එක ගොඩාක් උදව් වෙයි....


website එකට යන්න මෙන්න link එක click කරන්න




Monday, July 6, 2015

windows PC කට්ටියට drivers update කරන්න ලේසිම ක්‍රමය - Slim drivers

windows PC කට්ටියට drivers update කරන්න ලේසිම ක්‍රමය - Slim drivers


slim-drivers-logo




android ගැන ගොඩාක් දේවල් දුන්නනේ windows PC කට්ටියත් වටිනා යමක් දෙන්න ඕනිනේ.....ඒ නිසයි මේ software එක දෙන්නේ....

මුලින්ම කියන්න ඕනි....මේක microsoft ආයතනයේ gold certified partner කෙනෙක්....ඒ නිසා windows 7,8,8.1,10 තියෙන ඕනෑම වර්ගයක පරිගනකයක මේ software එක බයනැතුව use කරන්න පුළුවන්....ඕනෑම device driver software එකක් මේ software එක මගින් ඉතා පහසුවෙන් හා ආරක්ෂිතව ලබාදෙනවා...



slim-drivers-gold-partner


desktop හෝ laptop එක ඕනිම වර්ගයේ උනත් මේ software එක මගින් ඉතාමත් පහසුවෙන් ඔයාගේ drivers update කරගන්න පුළුවන්....system restore එකක් කරන්න පුළුවන් විදිහට කරන නිසා අවුල් යන්නේ නැහැ...අතරමග internet නැතුව නතර උනත් ආයෙත් restore කරලා පරණ විදිහට ගන්න පුළුවන් නිසා update risk එක ඉතාමත් අවමයි.....පොඩි mb ගානක එකක් නිසා download එකත් පහසුයි....... අනික මාත් මගේ drivers update කරන්න use කලේ slim drivers තමා...

slim-drivers-screenshot


හරි වැඩි විස්තර එයාලගේ website එකෙන්ම බලාගන්නකෝ....


slim drivers නිල අඩවියට මෙන්න link එක click කරන්න


මං හිතනවා මේ software එක මගින් ඉතාම ලෙහෙසියෙන් කාටත් drivers update කරන්න රු.700ක් 800ක් ගෙවන්නේ නැතුව ලෙහෙසියෙන්ම ඒ වැඩෙත් කරගන්න පුළුවන් වෙයි කියලා....

තවත් පොස්ට් එකකින් හමුවෙමු....


ඔබට සුබම සුබ දවසක්.....!!!!


Monday, June 22, 2015

අපේ බෞද්ධ සහෝදරයන්ට තම prayers ඉටුකරන්න කියාපු App දෙකක්


අපේ බෞද්ධ සහෝදරයන්ට තම prayers ඉටුකරන්න කියාපු App දෙකක්


අද අපි ඔයාලට ලබාදෙන්න යන්නේ මං කලින් ඔයාලට කියපු දෙයක් ගැන...

මං ඔයාලට කිව්වා  ඉදිරියේදි හැම ආගමේ කට්ටියටම තම ආගම අනුකූලව කරගෙන යන්න app එකක් දෙනවා කියලා... ඒ පොරොන්දුව අද ඉටු කරනවා...


ඔයාලගේ prayers වල පුලුවන් නම් පොඩි වෙලාවක් වැයකරලා මං වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන්න සහෝදරයා... 




අද අපි ලබාදෙන app එක වටින්නේ අපේ සිංහල සහෝදරයන්ට...ඔව්..ඔයාලටත් පුලුවන් දන්න සිංහල සහෝදරයන්ට මේ app එක ඔයාලගේ bluetooth වලින් එයාලට share කරන්න.


අද අපි app 2ක් මේ සදහා ලබාදෙනවා....මං හිතන්නේ හොදම එක s-lon එකෙන් දීපු app එක තමා..


මේ APP දෙකෙන්ම කෙරෙන්නේ පිරිත් ගාථා කීම උනත් අපිටත් පිරිත් කියන්න පුලුවන් විදිහට මේ APPS නිර්මාණය කරලා තියෙනවා..ඒ කිව්වේ ඔයාට අදාල පිරිත්ගාථාව තෝරලා play කරාම එක mp3 විදිහට play වෙනවා වගේම එක ඔයාටත් පිරිත් කියන්න පුලුවන් විදිහට app එකෙහි අදාල ගාථාව පෙන්නනවා..කියන්න අමතක උනා...එක අප app එකක් හදලා තියෙන්නේ s-lon එකෙනුයි.




මෙකෙන් හැම උදැසනම ඔබට පන්සිල් ගන්න පුලුවන්..




හරි දැන් මේවායේ download link ගමුකෝ...!!!

Download තොටුපොළ 

s-lon පිරිත් app එකට මෙන්න play store link එක click කරන්න
අනිත් app එකට මෙන්න link එක click කරන්න


මං හිතන්නේ ඔයාලට මේ app එක සැහෙන්න වටිනවා කියලා...ඒ නිසා ඔයාලා දන්න අපේ සිංහල සහෝදරයන්ට මෙක share කරලා එයාලගේ ජිවිත දහමින් ආලෝකමත් කරන්න කියලා ඉල්ලා සිටිනවා....

ඔබට සුබ දවසක්...!!!!








Friday, June 19, 2015

අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times


අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times


ඔයාලා දන්නවා ඇති ramadan හෙවත් මුස්ලිම් කට්ටියගේ උපවාස මාසය පටන් ගත්තා...මාසයක් තිස්සේ උපවාසයක නිරත වෙලා ඊට පස්සේ අවුරුද්ද සමරනවා...ඒ කිව්වේ තව මාසයකින් වටලප්පන් කන්න පුලුවන් කියලා...

ඇත්තටම මේ මාසයක උපවාසයෙන් එදා වේල හරිහැටි කන්න නොලැබෙන දිළිදු කට්ටියගේ දුක තේරුම් ගන්නට ලැබීම..එතකොට පින් කටයුතු කරලා අඩුම ගානෙ කෙනෙක්ට බත් පාර්සලයක් හරි දන් දෙන්න හිතක් පහල වෙන්න වටපිටාව හැදෙනවා...

හැමදාම වැඩකරන අපේ බඩ කියන machine එකට එක වේලක් හරි නිවාඩු ලැබෙන නිසා එක සෞඛ්‍යයට ගුණයි.

මම ආවේ මේ ගැන කියන්න නම් නෙවෙයි..නමුත් අපිත් එක්ක ජීවත් වන සහොදර කට්ටියගේ සාරධර්ම දැනගත්තොත් එක එක්සත්ව ජීවත් වෙන්න වටින නිසයි ඔයාලට පොඩි දෙයක් කියලා දුන්නේ....

අද මම ඔයාලට දෙන්න යන්නේ ආගමික app එකක්...මෙක ඔනි වෙන්නේ මුස්ලිම් කට්ටියට උනත් ඔයාලට පුලුවන් මේ app එක එයාලට share එකක් දීලා සහොදරත්වය ගොඩනගන්න...

ඉදිරියේදි හැම ආගමේ කට්ටියටම තම ආගම අනුකූලව කරගෙන යන්න app එකක් මේ වගේම දෙනවා... එකෙන් ඔයාලගේ prayers වල පුලුවන් නම් පොඩි වෙලාවක් වැයකරලා මං වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන්න සහෝදරයා....

කතා කලා වැඩියි නේ...අපි app එක ගැන බලමු.

මේ app එකෙන් කරන්නේ reminder service එකක්...ඒ කිව්වේ මුස්ලිම් කට්ටිය පස්වේලට එයාලගේ prayers ඉටු කරනවා...එක නිවැරදි වෙලාවට මතක් කිරීම තමා මේ app එකෙන් කෙරෙන්නේ....

අනිත් prayer apps ලංකාවට එච්චර වැඩ නැහැ...auto prayer times update වෙන්නේ නැහැ.නමුත් මේ app එක ශ්‍රී ලාංකිකයෙක්ගේ නිර්මාණයක් වගේම auto date and prayer times update වෙනවා...ඒ නිසා app එකේ setting හදලා නිකම් ඉන්නයි තියෙන්නේ...එක ඉබේම වැඩ..ram memory කන්නෙත් නැහැ...prayer reminder එක off කරන්න slider එකේ එන app notification එක click කලාම off වෙන නිසා භාවිතයට පහසුයි...

ඒ නිසා දැහැමි ජීවිතයක් මේ app පාවිච්චි කරන්නාට ලැබෙනවා වගේම එයා කරපු පින් වලට අපි හේතුවක් උන නිසා අපිටත් ඒ පින වගෙම කොටසක් ලැබෙනවා...පින අපිට ලැබෙන එක කොහොම උනත් මිනිහෙක් අපි හොද මගකට දාපු ආත්ම තෘප්තිය ලැබෙනවා නේ ඒක අපිට ඇති...

හරි එහෙම නම් මේ app එක ඔයාලා දන්න කට්ටියට කියලා share එකක් දෙන්න....ඔබ කරන දැහැමි සත්කාරයට බොහොම ස්තුතියි සහෝදරයා....










sri-lankan-prayer-times


Download තොටුපොළ

  • play store එකේ link එකට මෙන්න මෙතැනින් click කරන්න
  • app එක හදපු කෙනාගේ facebook page එකට මෙතැනින් click කරන්න
  • app එක හදපු කෙනාගේ email එකට මෙතැනින් click කරන්න




මං හිතනවා මේ app එකෙන් කාගේහරි ජීවිතයක් දැහැමින් ගතකරන්න මේ app එක ප්‍රයෝජනවත් වෙයි කියලා....

එහෙනම් තව පොස්ට් එකකින් ඔබව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා...

ඔබට සුබ දවසක්...!!!!

Monday, June 15, 2015

blog අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා සිදුවන අපහසුතාවයට සමාවන්න


blog අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා සිදුවන අපහසුතාවයට සමාවන්න


hakkrish tech trixx අඩවියේ page loading හා user friendly බව වැඩිකිරීමට දැන් සියලු අලුත්වැඩියා කටයුතු සූදානම් කරමින් පවතින අතර තව ටික දිනකින් එහි ප්‍රතිපල ඔබට දැකගත හැක....එතෙක් සිදුවන අපහසුතාවයන්ට සමාවෙන්න....!!!

Friday, June 12, 2015

අනවශ්‍ය ඇමතුම් හා sms block කිරීමට - calls blacklist pro



අනවශ්‍ය ඇමතුම් හා sms block කිරීමට - calls blacklist pro 




blacklist කියන්නේ අනවශ්‍ය දුරකථන අංක බ්ලොක් කරන ක්‍රමයක්..හරියට facebook බ්ලොක් වගේ... :p




මෙම app එක අනවශ්‍ය ඇමතුම් සහ අනවශ්‍ය කෙටි පණිවුඩ යන දෙකම අවහිර කරන අතර ,ඒවා සුදුසු ලෙස blacklist කර ඔබේ ඇමතුම් කළමනාකරණය කිරීමට උපකාරී වේ. App එක  භාවිතා කිරීමට පහසු සහ සැහැල්ලු වගේම battery සහ ram usage එකත් අඩුයි.ඔයා call හෝ SMS වලට spam filter හොයන කෙනෙක් නම්,මේ app එක ඒකට වඩාත් සුදුසුයි.

මේ app එකේ pro version එක play store එකේ මේක 1$ කටසල්ලි දීලා ගන්න app එකක් වුනත් අපි මේක free දෙන්නේ ඔයාලා අපේ බ්ලොග් අඩවියත් එක්ක රැදි ඉදලා දක්වන සහයොගය වෙනුවෙන්ම තමා...!!



ඔයාලගේ contact,call logs,sms තුලින් එන ඔබ දන්නා නොදන්නා දුරකථන අංක ඕනෑම ගණනක් block කිරීම සදහා එකතු කළ හැකිය. Blacklist කල පසු ඔබම එම අංකය blacklist එකෙන් ඉවත් කරන තුරු එම අංකයෙන් ඔබට ඇමතුමක් හෝ sms යනාදි කිසිදු දෙයක් ඔබට නොපෙනෙනු ඇත..

නමුත් මෙම app එකෙහි සුවිශේෂත්වය වන්නේ blacklist journal එකක් මගින් ඔබ බ්ලොක් කල අවස්ථාවේදි ඔබට ලැබුනු සියලු block කල ඇමතුම් සහ sms මෙහිදී save කර තැබීමයි.එවිට ඔබට ඕනෑම වැදගත් ඇමතුමක් හෝ පණිවුඩයක් අහිමි වන්නේ නැහැ,ඒ නිසා බය වෙන්න එපා.මේක blacklist සදහා තියෙන හොදම app එකකි...!!

Install කරන්නේ කෙසේ ද ? 


  • පහත ලින්ක් එකෙන් APK එක  download කර භාවිතා කරන්න.

download තොටුපොල


මං හිතනවා මේ app එක ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් වේවි කියලා...එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු......

ඔබට සුබ දවසක්....


Hakkrish Tech trixX අඩවියේ followers ගණන 3000 ඉක්මවයි


Hakkrish Tech trixX අඩවියේ followers ගණන 3000 ඉක්මවයි




ඉතාමත් කෙටි කලක් එනම් දින 72 කින් followers 1500 ලබාගත් අප සය මසක් ඉක්මවීමටත් පෙර followers 3098 ක ප්‍රීතිය ඔබ සමග සමරන්නෙමු...



ඔයාලගේ like,share වලින් ලැබෙන සහයෝගය නැතිනම් මේවාගේ followersලා සෙට් එකක් මට ලැබෙන්නේ නැහැ....ඒ නිසා ඒකට ඔයාලට ස්තුතිවන්ත වන අතරම තවත් බොහෝ නොදන්නා දේවල් ගැන දැනගන්න ඉගෙනගන්න අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාලගේ සහයෝගය දෙන්න කියලා ඉල්ලා 
සිටිනවා.....




අප හා එක්වන්න....ඔබේ සහයෝගය ලබාදෙන්න



ඔයාලට මේ බ්ලොග් අඩවිය භාවිතා කිරීම පිලිබදව යම් ගැටළුවක් හෝ අපැහැදිලි දෙයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ facebook profile එකට inbox message එකක් දෙන්න...

ඔබට සුබ දවසක්...!!



Thursday, June 11, 2015

whatsapp වල දීර්ඝ පණිවිඩ යැවීමට ලේසිම ක්‍රමය - Whatsapp ultimate Bomber


Whatsapp වල දීර්ඝ පණිවිඩ යැවීමට ලේසිම ක්‍රමය - Whatsapp ultimate Bomber






ඔයා whatsapp වල කවදා හරි දීර්ඝ පණිවිඩයක් යැවීමට අවශ්‍ය නමුත් එය ලෙසියෙන්ම කරන්නෙ කොහොමද කියලා හිතන්න ඇති. අද අපි ගෙනාවෙ එකට ඔබ සොයන කදිම විසඳුමක්...




මේ ක්‍රමයෙන් ඔයාලට whatsapp එකේ පහසුවෙන් තත්පර කිහිපයක් තුළ දීර්ඝ පණිවිඩයක් හදන්න පුලුවන්...




මෙන්න setting ටික........





ඔබ දන්නවා, ඔබ download කරගන්නා මෙම whatsapp ultimate bomber app එක මගින් මිතුරන්ට whatsapp තුල ඉතා දිගු පණිවිඩ ලෙසියෙන්ම  යැවීමට හැකි බව !!!

නමුත් මෙය අනවශ්‍ය  කටයුතුවලට යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඔබ අතින් සිදුවන කිසිදු කටයුත්තකට Hakkrish Tech trixX අඩවිය  හා එහි admin වගකීම් නොදරන බව මෙයින් දන්වා සිටියි...


whatsapp ultimate app එකෙන් දිගට හරහට spam යවන්න එපා..වැඩි spam වලින් ඔයාගේ යහලුවගේ whatsapp එක struck වෙලා restart වෙයි....නමුත් සමහර විට whatsapp network එක මගින් ඔයාලව block වෙන්නත් ඉඩ තියෙනවා...ඒ නිසා මේක සුදුසු විදිහකට පාවිච්චි කරන්න.

මෙන්න මං whatsapp වල දාපු msg වල screenshots ටික....







 Install කරන ආකාරය 

  • මුලින්ම මෙයට කලින් install කරන ලද  මෙහි පරණ version එක තිබේ නම් එය uninstall කරන්න
  • ඉන්පසු whatsapp ultimate spammer app එක install කරන්න.
  • Ultimate spammer app එක මගින් setting සාදා whatsapp එකෙහි භාවිතා කරන්න.

download තොටුපොල




මම හිතනවා මේ පොස්ට් එකෙන් ඔයාලට වටිනා දෙයක් කියාදෙන්න පුළුවන් උනා කියලා...එහෙනම් තව පොස්ට් එකකින් හමුවෙමු....

facebook page එකට like එකක් දාලා අපිට සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා...

ඔබට සුබ දවසක්....!!!!


Saturday, June 6, 2015

all post link එක

all post link එක


මුලින් මට sitemap එක හා all post එකට උදව් කල රවිදු අයියාට ස්තුතියි....






  ඔයාලට පරණ posts හොයාගෙන ගිහින් load වීම slow වෙලා එපා වෙලාම ඇති...ඒ නිසා තමයි user friendly එක ඉහල නංවන්න සහ ඔයාලගේ පහසුවට තමා අද අලුත් පොස්ට් එකකින් ඔයාලට සියලු පොස්ට් වලට link එකක් දෙන්නේ...

මේක ඔක්කොම පොස්ට් load වෙන නිසා ටිකක් slow උනාට post හොයාගෙන වෙලාව කන එකට වඩා මේක වේගවත් වගේම post වලට යන එක සරලව link එකකින් හා මාතෘකාවට අදාල labels වලිනුත් ලබාදීලා තියෙන නිසා සෙවීම පහසුයි.....


All Post - http://hakkrishtrixx.blogspot.com/p/sitemap.html


Thursday, June 4, 2015

Dubsmash - වැඩ්ඩන්ට රඟපාන්න කියාපු app එක


Dubsmash - වැඩ්ඩන්ට රඟපාන්න කියාපු app එක



dubsmash-logo


මුලින්ම කියන්න ඕනි..මේ app එක android වලට විතරක් නොවෙයි i-os apple කට්ටියටත් තියෙනවා.


මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ....
          ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)


dubsmash-hakkrish-cover


හරි දන්නේ නැති කට්ටියට මේ app එක හදුන්වාදීමක් එක්ක tutorial වැඩක් දෙන්නයි මේ සුදානම...හරි වැඩේට ගොඩවෙමු...!!!

මුලින්ම මේ app එකෙන් වැඩ ගන්න නම් data ඕනි...app එකේ video dub කරන වැඩ කෑලි,download කරන ඔක්කොම වෙන්නේ data වලින් තමා....


dubsmash-google-play-store


අනික මේ app එකෙන් samsung smartphone වල front camera එකට support කරනවා මදි..ඒ කිව්වේ අපි front camera එකෙන් dub කරන්න පුළුවන්.නමුත් එක එච්චර සාර්ථක නැහැ...අහන voice එකට වෙන dubbing record එක slow...දැනට මේක අවුලක් උනත් ඉදිරියේදී එන version වලින් මේ bug එක fix කරයි....දැනට ඒ කට්ටිය back camera use කරන්න..

i-phone වලට නම් කිසි අවුලක් නැහැ...ඒ නිසා front camera වලින් දැනට selfie dubs කට්ටිය ගොඩාක් dubsmash කරන්නේ i phone වලින් තමා..


how-to-use-dubsmash


ඔයාලා කරන්න තියෙන්නේ මෙච්චරයි..search කරලා අදාල sound එක තෝරාගන්න...ඊටපස්සේ අර sound එකට අනූව ඔයාගේ රඟපෑමේ හැකියාව පෙන්නලා එක download හෝ share කරන එක විතරමයි....


dubsmash-dubbing


video dubbing එක කරද්දී ඔයා sound එක choose කලාට පස්සේ start button එක එබුවහම මම උඩ රූපයේ රතු පාටින් highlight කරලා තියෙන කොටසේ අර sound එකේ waves පෙන්නනවා...ඒ කියන්නේ වචනේ පටන්ගන්න තැන,ඉවරවෙන තැන,හඩේ සැර යන දේවල් එකෙන් පෙන්නනවා....


ඔයාට කරන්න තියෙන්නේ එකට අනුව ඔයා dubbing කරගෙන යන එක විතරමයි...මුලින් ටිකක් නුහුරු උනාට try කරනකොට professional විදිහට රගපාන්න පුළුවන්...එක ඔයාගේ talent එක...මොකද malaysia වේ කොල්ලෙක් ඔයා dubsmash නිසා ප්‍රකට වෙලා tamil film එකකටත් ආරාධනා ලැබිලාලු..වාසනාව කොයි අතින් ලැබෙනවද කියලා කව්ද දන්නේ ඉතින් ? :p


මෙන්න app එකේ screenshots ටික



app-interface-dubsmash
ඉහත රූපය පැහැදිලිව බැලීමට click කරන්න



dubsmash-video-recording


dubsmash-share


හරි දැන් download link දෙන වෙලාව...!!

download තොටුපොළ


google play store එකට මෙතැනින් click කරන්න ( අලුත් version එකේ සමහර bugs ඇත)

dubsmash official website එකට මෙතැනින් click කරන්න

පරණ apk නමුත් bugs අඩුම dubsmash එකට මෙතැනින් click කරන්න ( dubsmash v 1.3.1 )

i-os apple කට්ටියට link එක මෙතැනින් click කරන්න




හරි කොල්ලෝ කෙල්ලෝ වැඩ කෑලි දාලා dubsmash කරලා videos දාන්න...පුළුවන් නම් මටත් tag එකක් දෙන්න..


facebook username = hakeem fawzul ameer
 
මගේ facebook profile එකට link එක මෙන්න click කරන්න
( ඔයාලට add කරන්න බැරි විදිහටයි හදලා තියෙන්නේ...ඔයාලා msg එකක් දෙන්න මං add කරන්නම් ඔයාලව )


හරි එහෙනම් comment එකක් දාලා ඔයාලාගේ මිතුරන්ට අපේ බ්ලොග් අඩවියේ ලිපිනය share කරන්නත් අමතක කරන්න එපා සහෝදරයා...


එහෙනම් තවත් වටිනා post එකකින් ඔයාලව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා...!!!
ඔබට සුබ දවසක්...!!!!