Wednesday, December 2, 2015

අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS


අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS 








Assignment වැඩකටයුතු හින්දා පොස්ට් ලියන්න බැරි උනා...ඒනිසා ලැබුණු free time එකේ ඔයාලට අලුත් දෙයක් ගෙනාවා....

අලුත් දෙයක් කිව්වට අලුත්ම නෙවෙයි..මොකද අපි හැමදෙනාම whatsapp භාවිතා කරන පිරිසක්.... අද මං ඔයාලට ගෙනාවේ WhatsApp plus app එක....




මේකේ සාමාන්‍ය WhatsApp එකට වඩා සුවිශේෂී විශේෂාංග තියෙනවා... app එකේ ප්‍රමාණ‍යත් සාමාන්‍ය WhatsApp app එක්ක බලද්දී අඩුයි...මේ ක්‍රමය භාවිතා කරලා ඔයාලට එකම දුරකථනයේ WhatsApp account දෙකක් උනත් භාවිතා කරන්න පුලුවන්.

Google play store eke මේ WhatsApp plus එක ගන්න බැහැ.හේතුව මේ WhatsApp plus එක හදලා තියෙන්නේ developer කට්ටියට...එහෙම සීමා උනාට සාමාන්‍ය කට්ටියටත් මේක කිසිම බියක් සැකයක් නැතුව භාවිතා කරන්න පුලුවන්.






මේකේ' අලුත් විශේෂාංග අපි දැනගනිමු...


මෙය official antiban version එකකි.එම නිසා කිසිම විටෙක WhatsApp community එක මගින් ban වීමක් සිදු නොවේ. ( නිල නොවෙන වෙනත් WhatsApp plus මගින් ban වීම සිදුවේ.)

WhatsApp call සදහා සහය දැක්වීම හා සාමාන්‍ය WhatsApp වලට වඩා අඩු data ප්‍රමාණයක් call සදහා වැයවීම.

සාමාන්‍ය WhatsApp වල වීඩ්යෝ යැවීමේ උපරිම ප්‍රමාණය 16Mbක් වන අතර මෙම WhatsApp plus වල එය 30Mbකි.

සාමාන්‍ය WhatsApp වල ජායාරූප select කර යැවීමේ උපරිම ප්‍රමාණය 10ක් වන අතර මෙම WhatsApp plus වල එය 90කි.එනම් එකවර ජායාරූප 90ක් යැවීමට හැකිය.

ඔබට එන photos,videos යනාදිය download නොකර එය preview කල හැකිය.

ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus පෙනුම, වර්ණය වෙනස් කල හැක. ( themes යනාදියද ඇත.)

සාමාන්‍ය WhatsApp වල symbols හෙවත් smilies ප්‍රමාණය 139ක් වන අතර මෙම WhatsApp plus වල එය 250කි.( facebook හි භාවිතා වන smilies පවා ඇත.)




ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus එකේ notification එන icon එකේ වර්ණය වෙනස් කල හැක.

ඔබේ online now යනුවෙන් ඔබේ නමට යටින් පෙන්වන status එක hide කල හැකිය.එලෙසම recording,typing ලෙස chat කරන විට පෙන්වන status ද hide කල හැක.




ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus app icon එකේ වර්ණය වෙනස් කල හැක.

ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus එකේ  blue tick එක වෙනස් කල හැක.

සාමාන්‍ය WhatsApp වල images යවන විට image quality එක අඩුවේ.නියම image resolution එක නොලැබේ.එම නිසා ලැබෙන image එක යැවීමට පෙර තරම් quality නොවේ.
නමුත් මෙම WhatsApp plus වල එය compress නොකර share වන බැවින් image quality එලෙසම ලැබේ.



Group වල group info තුල එකිනෙකා chat කල chat message ගණන වෙන්වෙන්ව බලාගත හැකිවීම.

අප වෙත ලැබු යම් දෙයක් copy කර share කිරිමේදී ස්වයංක්‍රීයව නම සහ දිනය මගහැර copy වීම..



විශේෂ privacy සැකසුම්


වෙනත් කිසිම app එකක උපකාරයකින් තොරව WhatsApp plus app එක password දමා lock කල හැකි වීම

ඔබට යම් නොදන්නා අංකයකින් message එකක් ලැබුනොත් එම අංකය contacts වලට save නොකර එම අංකයට WhatsApp call ගත හැක.

තවත් බොහෝ විශේෂාංග... :)

තවත් බොහෝ දේ... ;)





WhatsApp plus install කිරීමේ උපදෙස්


1.මුලින්ම මෙහි ඇති WhatsApp plus download link එක මගින් WhatsApp plus apk එක download කරගන්න.

2.ඉන්පසු internet data on කර ඔබේ සාමාන්‍ය WhatsApp එකට ගොස් chat backup එකක් කරගන්න. (පරණ chats අවශ්‍ය නම්)

Chat backup කරන ක්‍රමය - settings ----> chat and calls ----> backup chats


3.දැන් ඔබේ සාමාන්‍ය WhatsApp එක uninstall කරන්න.නමුත් WhatsApp folder එක delete කරන්න එපා.එහෙම කලොත්,ගත්තු backup එක delete වෙයි

4.ඉන්පසු මෙම WhatsApp plus apk එක install කරගන්න.

5.දැන් එය open කරන්න...සාමාන්‍ය WhatsApp ලෙසම ඔබේ දුරකථන අංක ලබාගෙන chat backup found ලෙස පෙන්වයි...එහිදි restore යන්න click කිරීමෙන් ඔබේ පරණ chats ඔබට ලැබෙන අතර WhatsApp plus හි අලුත් විශේෂාංග ඔබට අත්විදින්නට පුලුවනි.





Dual WhatsApp භාවිතා කිරීමට - එකම දුරකථනයේ WhatsApp දෙකක් ( ram අඩු අගයක් ඇති දුරකථනවලට නුසුදුසුයි.)


ඉහත ආකාරයට WhatsApp plus install කිරීමෙන් පසු,google play store එකෙන් සාමාන්‍ය WhatsApp එක install කරන්න.
දැන් සාමාන්‍ය WhatsApp එක open කර ඔබේ දුරකථන අංකය ලබාදි භාවිතා කරන්න.

දැන් ඔබට WhatsApp plus සමග සාමාන්‍ය WhatsApp එකද එකම දුරකථනයේ භාවිතා කල හැකිය.




Download තොටුපොළ


අලුත්ම GBwhatsApp plus app v.3.60 link එකට මෙතැනින් click කරන්න

official GBMods Google+ Group එකට මෙතැනින් click කරන්න

GBwhatsApp official website එකට මෙතැනින් click කරන්න





මං හිතනවා මේ පොස්ට් එක WhatsApp භාවිතා කරන අයට අලුත් සහ වටිනා post එකක් වෙයි කියලා....

එහෙනම් තවත් සුපිරි පොස්ටුවක් එක්ක හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!


2 comments:

  1. අයියෙ මේකේ ඩේට් ටයිම් වෙනසක් ඉල්ලනවා

    ReplyDelete