Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, February 20, 2015

Notepad භාවිතා කර දින පොතක්(Diary) සාදා ගන්නේ කෙසේද ?

මෙය ඔබට ඉගෙනගැනීමට හා එදිනෙදා කටයුතු සටහන් කරන දින පොතක් ලෙස භාවිතා කළ හැකි විශ්මිත උපක්‍රමයකි. මෙමගින් ඔබ නම් කළ notepad එකක් ස්වයංක්‍රියව දිනය හා වේලාව සමග වාර්තා යාවත්කාලීන කරන හා ඔබේ සටහන් ගබඩා කරන Notepad සටහනක් නිර්මාණය කල හැක.

මේ සඳහා කලයුතු පියවරයන්,

1. පළමුව Notepad විවෘත කරගන්න.
2. පසුව එහි පළමුව  (කැපිටල් අකුරින්) .LOG ලෙස ටයිප් කරන්න.

Make a Notepad Diary Step 2.jpg

3.file ක්ලික් කර save as තෝරන්න.

Make a Notepad Diary Step 4.jpg

4.ඔබ කැමති ඕනෑම  save location එකක් සහ නමක් ලබාදී එය save කර close කරන්න.

5.දැන් එය නැවත එම notepad file එක විවෘත කර බලන්න.

දැන් save file එක ඔබගේ දිනපොත බවට පත් වෙයි සහ ඔබ save කළ notepad එක ඔබ විවෘත කරන සෑම අවස්ථාවකදීම එය ස්වයක්‍රීයව දිනය සහ වේලාව යාවත්කාලීන වේ.

Make a Notepad Diary Step 8.jpg

6.දැන් ඔබට අවශ්‍ය ඕනෑම සටහනක් යොදා save කිරීමෙන් අදාල දිනපොත නිර්මාණය වේ.

Image:Make a Notepad Diary Step 9.jpg


මං හිතනවා මේ trick එක මගින් ඔයාලගේ එදිනෙදා සටහන් මේ විදිහට diary හැටියට දැන් පවත්වාගෙන යන්න පුළුවන් කියලා....

හරි එහෙනම් මං ගියා

දවස සුබ වේවා !
ඔබට ජය වේවා !

Thursday, February 12, 2015

Windows හි mouse එක ලෙස keyboard එක භාවිතා කරන්නේ කෙසේද?


mouse එකේ case එකක් ආපු අයට හදිස්සියකට මේක ඉතා වැදගත් වේවි.මොකද num lock එක off කරමු ගමන් keyboard num panel එක mouse එකක් වෙන නිසා..

ඕක windows එකේ අලුත්ම function එකක්....ඕකට කියන්නේ mouse keys කියල...මගේ windows 7 එකේ නම් function එක වැඩ කරනවා.windows 8 වලටත් වැඩ ඇති..

ඔයාට ඉතා පහසුවෙන් මේ  Mouse Keys සක්‍රිය හා අක්‍රීය කරන්නත් පුළුවන්...

එකට Alt + Shift + Num lock යතුරු එබීමෙන් mouse keys සක්‍රීය කරන්න පුළුවන්.එහිදී diolog box එකක් පහත පරිදි ඔයාට ලැබෙයි,ඕකට yes දෙන්න.

ඔයා mouse එක ලෙස keyboard එක භාවිතා කරන විට ඔබගේ Num lock button එක off වෙලාද කියන එකට සැලකිලිමත් වෙන්න...

settings ගිහින් ඔයාට අවශ්‍ය විදිහට හදාගන්න...මම නම් num lock off වෙන වෙලාවට mouse විදිහට භාවිතයටයි settings හදාගත්තේ.ඔයාලත් හදාගන්න ඒ විදිහට.

වැඩේ ගොඩ !!! දැන් ඔයාගේ keyboard-mouse එක num lock off උනාම වැඩ කරයි, එතකොට taskbar එකේ Mouse Keys icon එක දිස්වෙයි.

මේකේ controls ටික මං පොස්ට් එකේ උඩම පින්තුරේ  දාල තියෙනවා.පහල පින්තුරෙත් විස්තර සහිතව control ටික තියෙනවා.ඒවා බලලා ඔයාගේ keyboard එකත් දැන් mouse කරගන්න :P



facebook වල මකාදැමු (delete) පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ නැවත ලබාගන්නේ කොහොමද ?


Facebook වල මකාදැමු (delete) පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ නැවත ලබාගන්නේ කොහොමද ?



ඔයාලා දන්නවා ඇති facebook කට්ටිය අපේ database එකක් පවත්වාගෙන යනවා,ඒ කියන්නේ අපි facebook වලට දාන photos,කරන දේවල් ඔක්කොම අපේ facebook email එකක් යටතේ එයාලා පවත්වාගෙන යනවා.මේ ලගදි facebook ආයතනය ඇමරිකාවේ අලුත් තැනක් ගත්තෙත් මේ database ප්‍රමාණය පවත්වාගෙන යන්න ඉඩ මදි නිසායි.

එයාලා ගාව ලංකාවට කියල වෙනම තැනක alphabetical order එකට ඔයාලගේ database වෙන් වෙන්ව profile අනූව hard drive වලට යොමු කරනවා.ඔයා facebook එකේ ෆොටෝ,message delete කළත් ඔය server එකේ තියෙන database drive එකේ ඔච්චර ඉක්මනට ඕකේ delete වෙන්නේ නැහැ....එකට අඩුම ගානේ අවුරුදු 2ක් වත් යයි delete වෙන්න...අපි දැන් කරන්න යන්නේ ඔය database එකෙන් delete දේවල් ගන්න...බැහැ නෙවෙයි පුළුවන්.නමුත් ඕකට facebook account password එහෙම දැනන් ඉන්න ඕනි...

මේ ක්‍රමයෙන් අපිට පුළුවන් අපේ අතින් වැරදිලා delete උන දේවල් නැවත අරන් save කරගන්න....... මං කියලා දෙන්නම් හැබැයි අනුන්ගේ කුණු අවුස්සලා මට ප්‍රශ්න ඇතිකරන්න එපා..වැරදි දෙයක වගකීම සම්පූර්ණයෙන්ම ඔයාලා සතුයි කියන දෙය මම මතක් කරන්න කැමතියි...වැරදි කරන්නත් එපා...කෙල්ලව සැක කරලා හිත රිද්දන්නත් එපා :p hehe lolz  මේක හොද දෙයකට පාවිච්චි කරන්න.

පියවර 1 : අදාළ facebook ගිණුමට ලොග් වෙන්න

පියවර 2: මුලින්ම, ඔයා ෆේස්බුක් general settings එක විවෘත කරගන්න.බැරිනම් මෙතැන click කරන්න 

පියවර 3 : ඔය general settings විවෘත කලාට පස්සේ, පහලම කොටසේ Download a Copy of your Facebook Data කියලා ඇති.අපි ඕක download කරන්න ඕනි, ඒ නිසා ඕක ක්ලික් කරන්න.

තේරුනේ නැතිනම් මේ ෆොටෝ එකත් බලාගන්නකෝ.


පියවර 4 : දැන් click කලාම ඊළඟ පිටුවට යයි, එතන Download Archive Button එකක් ඇති. ඕක click කරන්න.click කලාම ඔයාගේ password එක අහයි, මොකද ෆේස්බුක් කියන්නේ safe ආරක්ෂාකාරී තැනක් නේ.මේකෙන් ඔයාලගේ data අනිත් අයට යන එක වලකිනවා.

පියවර 5: ඔය facebook password එක දීලා, submit button එක ක්ලික් කරන්න,දැන් ඔයාගේ facebook data වල download link එක ඔයාගේ facebook account එක හදපු, ඔයාගේ email එකට යවනු ලැබේ කියල ඔයාට පෙන්වයි.

පියවර 6 :විනාඩි කිහිපයකින්, අදාළ email එක check කරන්න. inbox නැතිනම් spam box එකේ හරි බලන්නකෝ.ඔයාට facebook data download කිරීම සඳහා ලින්ක් එකක් facebook වලින් යවල ඇති.ඕක click කරන්න.

පියවර 7 : දැන් file එක download කරගන්න.ඕක zip file එකක් නිසා සුදුසු archiver එකකින් (winrar වගේ)  unzip කරගන්න.winrar නැතිනම් මෙන්න

WinRar අලුත්ම එක windows 64 bit එකට click කරන්න

WinRar අලුත්ම එක windows 32 bit එකට click කරන්න


පියවර 8 : දැන් unzip වෙලා messages, photos, video, Pokes, Friend list විදිහට folders හැදිලා ඇති..file ටික Html වලින් දීලා ඇති.ඕක click කරලා ඔයා කැමති browser එකකින් open කරගෙන ඔයාට අදාළ පණිවුඩ, ඡායාරූප බලන්න පුළුවන්.මේකේ විශේෂත්වය ඔයා delete කරපු දේවලුත් බලන්න පුළුවන් එක.


මම මේක ඔයා මකාදාපු ෆේස්බුක් පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ ආපහු ගන්න පුළුවන් බව දන්නේ නැති අයටත් හෝ වෙනත් අයටත් උදව් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඔන්න එහෙනම් මං අදට ඔබේන් සමුගන්නවා......

දවස සුබ වේවා !
ඔබට ජය වේවා !

Saturday, February 7, 2015

Command prompt එකට copy paste දාමු

command prompt හෙවත් cmd කියන්නේ software developing කරන අයට නැතිවම බැරි දෙයක්.මොකද ඕක නැතුව හදන පරිගණක codings check කරන්න errors හදන්න බැහැ.තව වැඩවලටත් උවමනා වෙනවා.අපි දැන් ඕකට access වෙන්නේ කොහොමද කියල බලමු.

1.search box එකේ command prompt ලෙස type කිරීමෙන්
2.run ගිහින් cmd ලෙස type කිරීමෙන් (Xp වල ඔහොමයි)
3.windows key එක සමග x button එක යෙදීමෙන් (win key + x )

මේ වගේ ක්‍රමවලින් ගිහින් cmd enter වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් cmd වල copy paste දෙන්නේ නැහැ...notepad එකේ යමක් ලියලා එක copy කරලා (Ctrl + c ) ඊටපස්සේ cmd ගිහින් right mouse click paste කරන්නේ නැතුව keyboard එකෙන් paste කරලා (Ctrl +v)
බලන්නකෝ.කිසිම paste එකක් වෙන්නේ නැහැ.output එක ^v තමයි :p

මේක copy paste වෙන විදිහට Change කරන එක තමයි අපේ වැඩේ දැන් :)

1.ඉහත ක්‍රමවලින් command prompt open කරගන්න
2.පහත රූපයේ පරිදි CMD window එකමත right click කර එහි properties select කරන්න

Enable Copy paste in CMD


3.එහිදී ඔබට Pop up Window එකක් පැමිණෙයි.එහි edit options යටතේ ඇති Quick Edit Mode එක tick කොට OK කරන්න.

4.එච්චරයි.දැන් ඔබට cmd එකේ copy paste හැකියාව ඇත.දැන් ඔබට cmd මත right click විතරක් කිරීමෙන් paste කිරීමේ හැකියාව තිබේ.

5.එමෙන්ම දැන් ඔබට cmd සිට අනෙක් ඒවාට paste කිරීමේ හැකියාවද තිබේ.ඒ සඳහා අදාළ text එක highlight කර right click කරන්න...එවිට අදාළ text එක copy වෙයි...එය දැන් තවත් ඕනෑම තැනක paste කරන්න.

ඔන්න එහෙනම් මං ගිහින් එන්නම්...!!!

දවස සුබවේවා !!
ඔබට ජයවේවා !!

Friday, February 6, 2015

WIFI Signal Strength Premium v9.1.7 (2 Mb)

ඔබේ නිවසේ හෝ කාර්යාලයේ ඔබ භාවිතා කරන WiFi router එකෙන් හොඳ වයිෆයි සංඥා ලබා ගැනීමට අවශ්‍යද ? අන්තර්ජාල සබඳතාවලට සිග්නල් පෙන්වන ඕනෑම අසල්වැසි WiFi නාලිකා තිබෙනවාද ? දැන් free wifi scan කරලා උපරිම සිග්නල් ප්‍රමාණය අරන් වැඩකටයුතු කරගන්න.

මේක නම් ඉතින් වැඩිපුර උවමනා වෙන්නේ Free wifi තැන් වලට.....දැන් මෛත්‍රී යුගයනේ ;)

නුගේගොඩ ඉදලා bus එකේ එද්දී මං දැක්කා රාජගිරිය නාවල පාර ඉදිරියෙන්ම තියෙන අර ළමා උද්‍යානයේ පොඩි wifi tower එකක් හදලා LCD panel එක්ක එකේ password පෙන්නනවා.දැන් ගාලු මුවදොර කෙලවර වටරවුමේ tower එකක් හදන් යනවා.Fashion bug වගේ shopping කරන තැන්වලත් අපේ scan එක use වෙයි.

තව ප්‍රසිද්ධ තැන්වලත් මේ වගේ open wifi හදල තියෙනවනම් comment එකේ කියලා උදව් කරන්න.අපේ net යන කොල්ලන්ට අපෙන් කරන උපකාරයක්නේ....ඔයාලා උදව් කරන තරමට ඔයාලටත් උදව් ලැබෙයි.

දැන් වැඩේට බහිමු........මේ apk එක wifi සිග්නල් පෙන්නන premium app එකක්,මම දන්න හැටියට ඔය ගූගල් play වල අනික් wifi සිග්නල් පෙන්නන ඒවාට වඩා මේක හොදයි.

ඕකේ වැඩි විස්තර ගූගල් play එකේ තියෙනවා.ඕකත් පුළුවන් නම් කියවන්න
 සහය දක්වන android version එක : 4.1 සිට ඉහලට තමයි widget වැඩ කරන්නේ.

ඔයාලගේ version එක මදි නම් ඉතින් වැඩද නැද්ද කියල ගූගල් play එකින්ම බලාගන්න.

ගූගල් play යන්න click කරන්න (මේ link එකෙන් ලැබෙන්නේ free apk එක තමයි )


ඔය විදිහට පෙන්නනවා නම් වැඩේ ගොඩ.අනිත් app පවා ඔය විදිහටම ඔයාලගේ device එකට සෙට්ද කියලා බලාගන්න.

download තොටුපොළ

premium apk link එකට click කරන්න

පට්ටටම download කරන,පට්ටම දවසක් වේවා ;)

ඔන්න එහෙනම් මන් යනවා ටටා see you cherrio !! 


Wednesday, February 4, 2015

ඔබ සැමට මාතෘ භූමියේ 67වන අභිමානවත් නිදහස් දිනයක් වේවා....!


sri_lanka_flag_wave
ඔබ ඉපදුනේ මේ මහපොලොවේ නම් ඔබගේ ජාතිය ආගම කුලය වර්ණ භේදය මට වෑඩක් නෑත, ඔබගේ විලාසිතාවන් මට වෑඩක් නෑත. මන්ද ඔබ මේ ලක් දෙරණේ ඉපදුනු මාගේම සහෝදරයෙක් වන බැවිනි.නමුත් ඔබ මේ මහපොලොවේ ඉපිද මේ ශ්‍රී ලක් භූමිය කෙලසන්නට කටයුතු කරන්නේනම් ඔබ කුමන ජාතියක්, කුමන ආගමක් ඇදෑහුවත් තමාට පෙර රට ලෙස ඔබට එරෙහි වන්නට මාතෘ භූමිය' වෙනුවෙන් අප සුදානම්.

උණක් සැදුණු විට ශරීරාංග සියල්ලට එ වේදනාව දැනෙන්නා සේ ශ්‍රී ලාංකික හැගීම අප රටේ සියලු දෙනාගේ සිත්වල කාවදිය යුතුය.සංවර්ධනය සිත්වලද ඇතිවිය යුතුය.මේ රටේ ඉපදුනු සියලු දෙනා සියලු භේද දුරැරලා එක්සත්ව එක්සිත්ව එකිනෙකාට සහෝදර බැදීමකින් යුතුව ජීවත් විය යුතුය....එය මාගේ පැතුමයි.
මේ 67 මගේ වන නිදහස් දිනය, මේ රට නිදහස් කරගැනීම වෙනුවෙන් උතුම් මෙහෙවරක් කළ අතීත සම්භාවනීය වීරුවන්ටද,මේ ලක් දෙරණ වෙනුවෙන් හිස්,අත්,පා,ඇස් ලෙස සිය ලක්මව කුරිරු ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට සිය දිවි පූජා කළ 27000 පමණ ඒ උදාර රණවිරුවන්ට  සහ ආබාදිත රණවිරුවන් ඇතුළු සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මින් පුද කරන්නෙමි.ඔවුන්ට අප ආත්මයෙන් ආත්මයට ණයගැති බව අප කිසිදා අමතක නොකළ යුතුය.

එකම රටක්,එකම ශ්‍රී ලාංකික ජාතියක්,උතුම් වූ නිදහස් දිනයක්........!!!

ඔබ සැමට මාතෘ භූමියේ 67වන අභිමානවත් නිදහස් දිනයක් වේවා....!


sri_lanka_national_flag