Dubsmash App

මේකෙන් කරන දෙය අමුතුවෙන් කියන්න ඕනි නැහැ...මොකද දැන් බහුතරයක් මේ app එකෙන් dub කරලා ඒවා facebook වලටත් share කරනවා....මම දන්න tv channel එකකුත් එයාලගේ facebook page එකට tag කරන dubsmash video tv එකේ පෙන්නනවා....ඒ තරමට dubsmash කියන එක ලෝකේ පැතිරිලා තියෙන්නේ.... ( ඕනි කට්ටිය tv channel එක අහලා comment දාන්න...link එක දෙන්නම්..)

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, December 2, 2015

අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS


අලුත් වැඩ කෝටියයි - GBwhatsApp PLUS 








Assignment වැඩකටයුතු හින්දා පොස්ට් ලියන්න බැරි උනා...ඒනිසා ලැබුණු free time එකේ ඔයාලට අලුත් දෙයක් ගෙනාවා....

අලුත් දෙයක් කිව්වට අලුත්ම නෙවෙයි..මොකද අපි හැමදෙනාම whatsapp භාවිතා කරන පිරිසක්.... අද මං ඔයාලට ගෙනාවේ WhatsApp plus app එක....




මේකේ සාමාන්‍ය WhatsApp එකට වඩා සුවිශේෂී විශේෂාංග තියෙනවා... app එකේ ප්‍රමාණ‍යත් සාමාන්‍ය WhatsApp app එක්ක බලද්දී අඩුයි...මේ ක්‍රමය භාවිතා කරලා ඔයාලට එකම දුරකථනයේ WhatsApp account දෙකක් උනත් භාවිතා කරන්න පුලුවන්.

Google play store eke මේ WhatsApp plus එක ගන්න බැහැ.හේතුව මේ WhatsApp plus එක හදලා තියෙන්නේ developer කට්ටියට...එහෙම සීමා උනාට සාමාන්‍ය කට්ටියටත් මේක කිසිම බියක් සැකයක් නැතුව භාවිතා කරන්න පුලුවන්.






මේකේ' අලුත් විශේෂාංග අපි දැනගනිමු...


මෙය official antiban version එකකි.එම නිසා කිසිම විටෙක WhatsApp community එක මගින් ban වීමක් සිදු නොවේ. ( නිල නොවෙන වෙනත් WhatsApp plus මගින් ban වීම සිදුවේ.)

WhatsApp call සදහා සහය දැක්වීම හා සාමාන්‍ය WhatsApp වලට වඩා අඩු data ප්‍රමාණයක් call සදහා වැයවීම.

සාමාන්‍ය WhatsApp වල වීඩ්යෝ යැවීමේ උපරිම ප්‍රමාණය 16Mbක් වන අතර මෙම WhatsApp plus වල එය 30Mbකි.

සාමාන්‍ය WhatsApp වල ජායාරූප select කර යැවීමේ උපරිම ප්‍රමාණය 10ක් වන අතර මෙම WhatsApp plus වල එය 90කි.එනම් එකවර ජායාරූප 90ක් යැවීමට හැකිය.

ඔබට එන photos,videos යනාදිය download නොකර එය preview කල හැකිය.

ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus පෙනුම, වර්ණය වෙනස් කල හැක. ( themes යනාදියද ඇත.)

සාමාන්‍ය WhatsApp වල symbols හෙවත් smilies ප්‍රමාණය 139ක් වන අතර මෙම WhatsApp plus වල එය 250කි.( facebook හි භාවිතා වන smilies පවා ඇත.)




ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus එකේ notification එන icon එකේ වර්ණය වෙනස් කල හැක.

ඔබේ online now යනුවෙන් ඔබේ නමට යටින් පෙන්වන status එක hide කල හැකිය.එලෙසම recording,typing ලෙස chat කරන විට පෙන්වන status ද hide කල හැක.




ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus app icon එකේ වර්ණය වෙනස් කල හැක.

ඔබට අවශය ලෙස ඔබේ WhatsApp plus එකේ  blue tick එක වෙනස් කල හැක.

සාමාන්‍ය WhatsApp වල images යවන විට image quality එක අඩුවේ.නියම image resolution එක නොලැබේ.එම නිසා ලැබෙන image එක යැවීමට පෙර තරම් quality නොවේ.
නමුත් මෙම WhatsApp plus වල එය compress නොකර share වන බැවින් image quality එලෙසම ලැබේ.



Group වල group info තුල එකිනෙකා chat කල chat message ගණන වෙන්වෙන්ව බලාගත හැකිවීම.

අප වෙත ලැබු යම් දෙයක් copy කර share කිරිමේදී ස්වයංක්‍රීයව නම සහ දිනය මගහැර copy වීම..



විශේෂ privacy සැකසුම්


වෙනත් කිසිම app එකක උපකාරයකින් තොරව WhatsApp plus app එක password දමා lock කල හැකි වීම

ඔබට යම් නොදන්නා අංකයකින් message එකක් ලැබුනොත් එම අංකය contacts වලට save නොකර එම අංකයට WhatsApp call ගත හැක.

තවත් බොහෝ විශේෂාංග... :)

තවත් බොහෝ දේ... ;)





WhatsApp plus install කිරීමේ උපදෙස්


1.මුලින්ම මෙහි ඇති WhatsApp plus download link එක මගින් WhatsApp plus apk එක download කරගන්න.

2.ඉන්පසු internet data on කර ඔබේ සාමාන්‍ය WhatsApp එකට ගොස් chat backup එකක් කරගන්න. (පරණ chats අවශ්‍ය නම්)

Chat backup කරන ක්‍රමය - settings ----> chat and calls ----> backup chats


3.දැන් ඔබේ සාමාන්‍ය WhatsApp එක uninstall කරන්න.නමුත් WhatsApp folder එක delete කරන්න එපා.එහෙම කලොත්,ගත්තු backup එක delete වෙයි

4.ඉන්පසු මෙම WhatsApp plus apk එක install කරගන්න.

5.දැන් එය open කරන්න...සාමාන්‍ය WhatsApp ලෙසම ඔබේ දුරකථන අංක ලබාගෙන chat backup found ලෙස පෙන්වයි...එහිදි restore යන්න click කිරීමෙන් ඔබේ පරණ chats ඔබට ලැබෙන අතර WhatsApp plus හි අලුත් විශේෂාංග ඔබට අත්විදින්නට පුලුවනි.





Dual WhatsApp භාවිතා කිරීමට - එකම දුරකථනයේ WhatsApp දෙකක් ( ram අඩු අගයක් ඇති දුරකථනවලට නුසුදුසුයි.)


ඉහත ආකාරයට WhatsApp plus install කිරීමෙන් පසු,google play store එකෙන් සාමාන්‍ය WhatsApp එක install කරන්න.
දැන් සාමාන්‍ය WhatsApp එක open කර ඔබේ දුරකථන අංකය ලබාදි භාවිතා කරන්න.

දැන් ඔබට WhatsApp plus සමග සාමාන්‍ය WhatsApp එකද එකම දුරකථනයේ භාවිතා කල හැකිය.




Download තොටුපොළ


අලුත්ම GBwhatsApp plus app v.3.60 link එකට මෙතැනින් click කරන්න

official GBMods Google+ Group එකට මෙතැනින් click කරන්න

GBwhatsApp official website එකට මෙතැනින් click කරන්න





මං හිතනවා මේ පොස්ට් එක WhatsApp භාවිතා කරන අයට අලුත් සහ වටිනා post එකක් වෙයි කියලා....

එහෙනම් තවත් සුපිරි පොස්ටුවක් එක්ක හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!


Thursday, October 15, 2015

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends

යහළුවන් එක්ක multi-player ගහන්න එළම android game එකක් - Bomber Friends






ගොඩාක් දවස්වලට පස්සේ ලැබුණු විවේකයෙන් ආයෙත් බ්ලොග් පිටුවක් සරසන්න වෙලාවක් ලැබුනා.ඉතින් අද ඔයාලට ගෙනාවේ multi-player සෙල්ලම් කරන්න පුළුවන් online android game එකක්.
online කිව්වම බයවෙන්න එපා.data කැපෙනවා ගොඩාක් අඩුයි.ඒ නිසා බය නැතුව ගේමට බහින්න පුළුවන් ඉතින් :P


game එක පොඩි සහ සරල උනාට යහළුවට බෝම්බෙ තියලා දුවන එකත් මාරම fun එකක් තමා... :P



multiplayer විතරක් නෙවෙයි single player තියෙනවා offline සෙල්ලම් කරන්න...අනික අපේ සොල්දාදුවා අපිට ඕනි විදිහට හැඩකරගන්න,game අතරේ chat කරන්න,chat stickers වගේ මාරම දේවල් තියෙන game එකක්...



තියෙන එකම අවුල multiplayer ගහන්න ඕනි නම් google play games app එක තියෙන්න ඕනි...එකෙන් තමා යහළුවන්ට game invite කරන්නේ.multiplayer ගහන ඕනිම game එකට අනිවා google play games app ඕනි හින්දා එක අවුලකුත් නැහැ.


කියන්න තවත් වටිනාම දෙයක් අමතක උනානේ...මේක android වලට විතරක් නෙවෙයි..apple ios කට්ටියටත් තියෙනවා..ඒ නිසා එයාලටත් ගේම තමා....


වැඩි කතා boring නේ....හරි අපි download තොටුපොළට යමු.



download තොටුපොළ


google play store එකට මෙතැනින් click කරන්න

apple අයට i tunes වලට මෙතැනින් click කරන්න

මගේ upload app link එකට මෙතැනින් click කරන්න

google play games එකට මෙතැනින් click කරන්න




මං හිතනවා මේ පොස්ට් එක android and ios gamersලට අලුත් සහ වටිනා post එකක් වෙ යිකියලා....

එහෙනම් තවත් සුපිරි පොස්ටුවක් එක්ක හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!


Thursday, September 3, 2015

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia

android game play කරන ඔයාලට අලුත් online multiplayer game එකක් - Doodle Army 2 Mini Militia


Mini-Militia-logo


Mini Militia කියන්නේ i-phone වල ජනප්‍රිය game එකක්...දැන් මේක android වලටත් එයාලා නිර්මාණය කරලා තියෙනවා.

මේක multiplayer game එකක්..ඒ කියන්නේ තවත් android භාවිතා කරන කෙනෙක් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්.නමුත් මේ game එකට data ඕනි.

Mini-Militia-survival


internet data කැපෙන එක මම දන්න තරමින් සැහෙන්න අඩුයි.මටනම් පැය භාගයකට කැපුණේ 6mb තමා.(on samsung galaxy note gt n7000 )

online shooting game එකක් නිසා ඔයාලට දෙපිලකට බෙදිලා ආයුධ අරන් හමුදාවේ වගේ සටන් කරන්න පුළුවන්.ඔයාගේ player look එක නමත් වෙනස් කරන්න පුළුවන්..3D animation නැහැ.නමුත් animated Graphics අතින් නම් game එක නියමයි.

2D game එකක් නිසා වැඩිහරියක් android device වල සෙල්ලම් කරන්න අවස්ථාව හිමිවෙනවා.

Mini-Militia-online-multiplayer

Mini-Militia-online



තාම මේකට google+ invite කරන function එක ලැබිලා නැහැ.නමුත් ඉදිරි update වල ලබාදෙන නිසා යහළුවන්ට invite කරන එක ඉතාම පහසු වෙයි.ඉදිරියේදී android වලටම සුවිශේෂ update දෙනවා.එතකොට game එක නම් එලම තමා.මටනම් හොදම එක deathmatch online තමා :)

Mini-Militia-avatars


මාත් ඉන්නවා player online වල සමහරවිට, username එක : hakeem2905
add කරගන්න....


සෙල්ලම් කරන යහළුවෝ ඉන්නවා නම් පහල comment එකේ username එක දෙන්න.එතකොට කැමති කට්ටිය set වේවි online එකට....

play කරනවා නම්,
multiplayer ---> deathmatch ---> online ගිහින් search කරලා ඔයාගේ අවශ්‍ය player ඔබට connect වෙනකම් ඉන්න.හරි කෙනා ආවම ready කියන button එක දෙන්නම දෙන්න.එතකොට game එක start වෙයි.



හරි විස්තර ඇතිනේ...දැන් වැඩේට බහිමු....!!!!


download තොටුපොල


google play store එකට මෙතැනින් click කරන්න

apple අයට i tunes වලට මෙතැනින් click කරන්න

dropbox app link එකට මෙතැනින් click කරන්න



මං හිතනවා මේ පොස්ට් එක android gamersලට අලුත් සහ වටිනා post එකක් කියලා....

එහෙනම් තවත් නැවුම් පොස්ටුවක් එක්ක හමුවෙනතුරු සමුගන්නවා....

ඔබට සුබ දවසක්....!!!!!



අනවශ්‍ය app දැන්වීම් හා අනෙකුත් දැන්වීම් වලින් ඔබේ android දුරකථනය ආරක්ෂා කිරීමට Ad-Away

අනවශ්‍ය app දැන්වීම් හා අනෙකුත් දැන්වීම් වලින් ඔබේ android දුරකථනය ආරක්ෂා කිරීමට Ad-Away



logo-of-ad-away


ඔයාලා දන්නවා ඇති google play store එකේ තියෙන free app වලින් වැඩි හරියක්ම තියෙන්නේ ad දාලා තමා.සමහර app developer කට්ටිය pro version කියලා ad නැති app එක දෙනවා සල්ලිවලට...එහෙමයි දැන් ගොඩක් apps වැඩවෙන්නේ.

අනික android game download කරගත්තත් එකෙත් ad එකක්...මෙහෙම advertisement දැකල දැකලා එපා වෙලා ඇති.( මටත් තමා :p )

ads-stop

ඉතින් මේ app advertisement කරදරයට විසදුමක් තමා අද ගෙනාවේ ඔයාලට....මේකේ නම ad-away....මේක google play store එකේ දැන් නැහැ.මොකද තමන්ගේ ආදායම නැති වෙනවට කැමති නැති අය හින්දා මේක දැන් google play එකේ නැහැ.

නමුත් මේක දැම්මම app එකෙන් host file update කරලා එකෙන් එන ad සියල්ල ඉවත් කරලා දෙනවා.100% විශ්වාසය තියලා use කරන්න පුළුවන් app එකක්.ram කන්නේ නැහැ.app එකත් පොඩි mb ගානක් තමා.

ඒ වගේම මේක කරන්න root ඕනි..සහ host file download වෙන්න පොඩි data ප්‍රමාණයක් (6 Mb වගේ) ඕනි වෙනවා.ඊට පස්සේ ඕනිම app එකක් ad නැතුව use කරන්න පුළුවන්.


ad-away-interface


වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු...


download තොටුපොල


Ad-Away app හි නිල website එකට මෙතැනින් click කරන්න

official download link එකට මෙතැනින් click කරන්න

Ad Away dropbox link එකට මෙතැනින් click කරන්න


මං හිතනවා මෙමගින් ඔයාලගේ android advertisement කරදරය හමාර වෙයි කියලා....

අදට ඔබෙන් සමුගන්නවා....
තවත් පොස්ට් එකකින් හමුවෙනතුරු...
ඔබට සුබ දවසක්...!!!!

Saturday, August 8, 2015

ඔබට සුදුසු smart phone හා අනෙකුත් දේ තෝරාගන්න ලේසිම ක්‍රමය

ඔබට සුදුසු smart phone හා අනෙකුත් දේ තෝරාගන්න ලේසිම ක්‍රමය 


මාසයක් තිස්සේ මට software development projects තිබුණා ඒ නිසයි අලුත් පොස්ට් එකක් ඔයාලට දෙන්න බැරි උනේ...එකට සමාවෙන්න....දැනුත් ලැබුන චන්දෙ නිවාඩු කාලේ නිසා පොස්ට් එකට බහින්න ඉඩක් ලැබුණා...project වැඩ වලින් නිදහස් වෙන පොඩි වෙලාවක තවත් පොස්ට් ලියල දිගටම පොස්ට් දෙනවා...රැදිලා ඉන්න අපිත් එක්ක...

අද දෙන්න යන්නේ website එකක්....කෙටියෙන්ම කිව්වොත් එකෙන් කරන්නේ ඔයාලගේ අවශ්‍යතාවයන් අහලා එකට සුදුසු  smart phone එක ඔයාලට suggestion කරන එකයි.මේක නිසා smart phone වර්ගය හා නම් හොයලා එක Google එකේ search කරන එක නැති කරලා අවශ්‍යතාවයට අනුව ස්මාර්ට් උපාංග හොයාගන්න ක්‍රමයක් ඔයාලට ලබාදෙනවා 


smart phone විතරක්ම නෙවෙයි....laptops,tablet devices,SSD hard disks,3D printers සහ USB devices යනාදියත් මේ වගේ හොයලා තෝරාගන්න පුළුවන්....තාක්ෂනය දැනුම ඇති අයට තෝරාගැනීම සුළු දෙයක් උනත් සාමාන්‍ය කට්ටියට එක නුහුරු දෙයක්...එයාලට මේ website එක ගොඩාක් උදව් වෙයි....


website එකට යන්න මෙන්න link එක click කරන්න