Tuesday, March 31, 2015

ඔබේ android දුරකථනයේ heat එක නියමිතව පවත්වාගන්න - Coolify


ඔබේ android දුරකථනයේ උෂ්ණත්වය නියමිතව පවත්වාගන්න - Coolify


ඉසුරු උදාර සහෝදරයා අහපු comment ප්‍රශ්නයකට පිළිතුර හැටියටයි මේ app එක ඔයාලට පිරිනමන්න මට අවස්ථාව ලැබුණේ.


coolify-app-logo-icon


මගේ දුරකතනයේ පොඩි hardware short circuit එකක් තිබුන නිසා phone එක රත්වෙනවා.නමුත් coolify දැම්මට පස්සේ එක අඩු උනා.(සෙල්සියස් 70 සිට 33 ට පැය භාගයයි).hardware අවුලට මේක හරියන්නේ නැහැ.නමුත් පොඩි සහනයක් වෙයි.

ඒ වගේ සාමාන්‍ය smart phone එකේ games,videos වගේ multi වැඩ දාන ඔයාලටත් මේකෙන් heat එකට වැඩක් ගන්න පුළුවන්.


මුලින්ම කියන්න ඕනි...මේ heat control app එක වැඩ කරන්නේ root කරපු android දුරකථන වලට විතරයි. ram සහ battery එක කන්නෙම නැති app එකක් නිසා විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන්.


Coolify app එක ඔබ දුරකථනය භාවිත නොකරන විට හා භාවිතා කරන විට ඔබ ඔබේ දුරකථනය සිසිල් කිරීමට සුවිශේෂී ආකාරයෙන් උදව් කරමින් ඔබේ දුරකතනයේ වැඩිවූ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුකරන අතර නියමිත උෂ්ණත්වය පවත්වාගැනීමට දායක වේ.

Coolify මගින් ඔබට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත.එනම්,

1. ඔබේ උපාංගය සාමාන්‍ය උෂ්ණත්වයේ තබා ගැනීමට දායක වේ.
2.One-Click Optimization නිසා භාවිතය පහසුයි.
3.settings සැකසීම පහසුයි.ඉබේම ක්‍රියාත්මක වීමට සැකසිය හැක.
4.සංකීර්ණත්වයක් හෝ කිසිදු අවදානමක් ඇති නොවේ.
5. Xposed භාවිතයෙන් status bar එක මත උෂ්ණත්වය ලබාගැනීමට සහය දක්වයි.

භාවිතා කරන ආකාරය

මුලින්ම පහත රූපයේ පරිදි Turn On Normal Temp Protection දෙන්න.

coolify-app-interface


ඉන්පසු settings යන්න.පහත ආකාරයට settings ලබාදෙන්න.

coolify-app-settings

download තොටුපොළ

play store එකට click කරන්න

play store එකට (coolify Flat - Lolipop theme) click කරන්න


මං හිතනවා මේ post එකෙන් බහුතර android userලාගේ smart phone heat ප්‍රශ්නය  ගැන තියෙන අවුලකින් මගෙන් සුළු හෝ සහනයක් ලැබුණා කියලා...

ඔයාලගෙ ප්‍රශ්න අහන්න හැකි ඉක්මනින් මගේ උපරිම උදව්ව කරන්නම්......

තව trick ඔයාල වෙනුවෙන් හොයන්න මාව දිරිමත් කරන්න.ඔයාලත් comment එකකින් මට සහයෝගයක් දෙන්න...

ඔබ සැමට සුබ දවසක්...



0 comments:

Post a Comment