Friday, June 19, 2015

අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times


අපේ මුස්ලිම් සහෝදරයන්ට නැමදුම් ඉටු කරන්න කියාපු app එක - Sri lanka prayer times


ඔයාලා දන්නවා ඇති ramadan හෙවත් මුස්ලිම් කට්ටියගේ උපවාස මාසය පටන් ගත්තා...මාසයක් තිස්සේ උපවාසයක නිරත වෙලා ඊට පස්සේ අවුරුද්ද සමරනවා...ඒ කිව්වේ තව මාසයකින් වටලප්පන් කන්න පුලුවන් කියලා...

ඇත්තටම මේ මාසයක උපවාසයෙන් එදා වේල හරිහැටි කන්න නොලැබෙන දිළිදු කට්ටියගේ දුක තේරුම් ගන්නට ලැබීම..එතකොට පින් කටයුතු කරලා අඩුම ගානෙ කෙනෙක්ට බත් පාර්සලයක් හරි දන් දෙන්න හිතක් පහල වෙන්න වටපිටාව හැදෙනවා...

හැමදාම වැඩකරන අපේ බඩ කියන machine එකට එක වේලක් හරි නිවාඩු ලැබෙන නිසා එක සෞඛ්‍යයට ගුණයි.

මම ආවේ මේ ගැන කියන්න නම් නෙවෙයි..නමුත් අපිත් එක්ක ජීවත් වන සහොදර කට්ටියගේ සාරධර්ම දැනගත්තොත් එක එක්සත්ව ජීවත් වෙන්න වටින නිසයි ඔයාලට පොඩි දෙයක් කියලා දුන්නේ....

අද මම ඔයාලට දෙන්න යන්නේ ආගමික app එකක්...මෙක ඔනි වෙන්නේ මුස්ලිම් කට්ටියට උනත් ඔයාලට පුලුවන් මේ app එක එයාලට share එකක් දීලා සහොදරත්වය ගොඩනගන්න...

ඉදිරියේදි හැම ආගමේ කට්ටියටම තම ආගම අනුකූලව කරගෙන යන්න app එකක් මේ වගේම දෙනවා... එකෙන් ඔයාලගේ prayers වල පුලුවන් නම් පොඩි වෙලාවක් වැයකරලා මං වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන්න සහෝදරයා....

කතා කලා වැඩියි නේ...අපි app එක ගැන බලමු.

මේ app එකෙන් කරන්නේ reminder service එකක්...ඒ කිව්වේ මුස්ලිම් කට්ටිය පස්වේලට එයාලගේ prayers ඉටු කරනවා...එක නිවැරදි වෙලාවට මතක් කිරීම තමා මේ app එකෙන් කෙරෙන්නේ....

අනිත් prayer apps ලංකාවට එච්චර වැඩ නැහැ...auto prayer times update වෙන්නේ නැහැ.නමුත් මේ app එක ශ්‍රී ලාංකිකයෙක්ගේ නිර්මාණයක් වගේම auto date and prayer times update වෙනවා...ඒ නිසා app එකේ setting හදලා නිකම් ඉන්නයි තියෙන්නේ...එක ඉබේම වැඩ..ram memory කන්නෙත් නැහැ...prayer reminder එක off කරන්න slider එකේ එන app notification එක click කලාම off වෙන නිසා භාවිතයට පහසුයි...

ඒ නිසා දැහැමි ජීවිතයක් මේ app පාවිච්චි කරන්නාට ලැබෙනවා වගේම එයා කරපු පින් වලට අපි හේතුවක් උන නිසා අපිටත් ඒ පින වගෙම කොටසක් ලැබෙනවා...පින අපිට ලැබෙන එක කොහොම උනත් මිනිහෙක් අපි හොද මගකට දාපු ආත්ම තෘප්තිය ලැබෙනවා නේ ඒක අපිට ඇති...

හරි එහෙම නම් මේ app එක ඔයාලා දන්න කට්ටියට කියලා share එකක් දෙන්න....ඔබ කරන දැහැමි සත්කාරයට බොහොම ස්තුතියි සහෝදරයා....










sri-lankan-prayer-times


Download තොටුපොළ

  • play store එකේ link එකට මෙන්න මෙතැනින් click කරන්න
  • app එක හදපු කෙනාගේ facebook page එකට මෙතැනින් click කරන්න
  • app එක හදපු කෙනාගේ email එකට මෙතැනින් click කරන්න




මං හිතනවා මේ app එකෙන් කාගේහරි ජීවිතයක් දැහැමින් ගතකරන්න මේ app එක ප්‍රයෝජනවත් වෙයි කියලා....

එහෙනම් තව පොස්ට් එකකින් ඔබව හමුවෙනතුරු ඔබෙන් සමුගන්නවා...

ඔබට සුබ දවසක්...!!!!

0 comments:

Post a Comment