Thursday, February 12, 2015

facebook වල මකාදැමු (delete) පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ නැවත ලබාගන්නේ කොහොමද ?


Facebook වල මකාදැමු (delete) පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ නැවත ලබාගන්නේ කොහොමද ?



ඔයාලා දන්නවා ඇති facebook කට්ටිය අපේ database එකක් පවත්වාගෙන යනවා,ඒ කියන්නේ අපි facebook වලට දාන photos,කරන දේවල් ඔක්කොම අපේ facebook email එකක් යටතේ එයාලා පවත්වාගෙන යනවා.මේ ලගදි facebook ආයතනය ඇමරිකාවේ අලුත් තැනක් ගත්තෙත් මේ database ප්‍රමාණය පවත්වාගෙන යන්න ඉඩ මදි නිසායි.

එයාලා ගාව ලංකාවට කියල වෙනම තැනක alphabetical order එකට ඔයාලගේ database වෙන් වෙන්ව profile අනූව hard drive වලට යොමු කරනවා.ඔයා facebook එකේ ෆොටෝ,message delete කළත් ඔය server එකේ තියෙන database drive එකේ ඔච්චර ඉක්මනට ඕකේ delete වෙන්නේ නැහැ....එකට අඩුම ගානේ අවුරුදු 2ක් වත් යයි delete වෙන්න...අපි දැන් කරන්න යන්නේ ඔය database එකෙන් delete දේවල් ගන්න...බැහැ නෙවෙයි පුළුවන්.නමුත් ඕකට facebook account password එහෙම දැනන් ඉන්න ඕනි...

මේ ක්‍රමයෙන් අපිට පුළුවන් අපේ අතින් වැරදිලා delete උන දේවල් නැවත අරන් save කරගන්න....... මං කියලා දෙන්නම් හැබැයි අනුන්ගේ කුණු අවුස්සලා මට ප්‍රශ්න ඇතිකරන්න එපා..වැරදි දෙයක වගකීම සම්පූර්ණයෙන්ම ඔයාලා සතුයි කියන දෙය මම මතක් කරන්න කැමතියි...වැරදි කරන්නත් එපා...කෙල්ලව සැක කරලා හිත රිද්දන්නත් එපා :p hehe lolz  මේක හොද දෙයකට පාවිච්චි කරන්න.

පියවර 1 : අදාළ facebook ගිණුමට ලොග් වෙන්න

පියවර 2: මුලින්ම, ඔයා ෆේස්බුක් general settings එක විවෘත කරගන්න.බැරිනම් මෙතැන click කරන්න 

පියවර 3 : ඔය general settings විවෘත කලාට පස්සේ, පහලම කොටසේ Download a Copy of your Facebook Data කියලා ඇති.අපි ඕක download කරන්න ඕනි, ඒ නිසා ඕක ක්ලික් කරන්න.

තේරුනේ නැතිනම් මේ ෆොටෝ එකත් බලාගන්නකෝ.


පියවර 4 : දැන් click කලාම ඊළඟ පිටුවට යයි, එතන Download Archive Button එකක් ඇති. ඕක click කරන්න.click කලාම ඔයාගේ password එක අහයි, මොකද ෆේස්බුක් කියන්නේ safe ආරක්ෂාකාරී තැනක් නේ.මේකෙන් ඔයාලගේ data අනිත් අයට යන එක වලකිනවා.

පියවර 5: ඔය facebook password එක දීලා, submit button එක ක්ලික් කරන්න,දැන් ඔයාගේ facebook data වල download link එක ඔයාගේ facebook account එක හදපු, ඔයාගේ email එකට යවනු ලැබේ කියල ඔයාට පෙන්වයි.

පියවර 6 :විනාඩි කිහිපයකින්, අදාළ email එක check කරන්න. inbox නැතිනම් spam box එකේ හරි බලන්නකෝ.ඔයාට facebook data download කිරීම සඳහා ලින්ක් එකක් facebook වලින් යවල ඇති.ඕක click කරන්න.

පියවර 7 : දැන් file එක download කරගන්න.ඕක zip file එකක් නිසා සුදුසු archiver එකකින් (winrar වගේ)  unzip කරගන්න.winrar නැතිනම් මෙන්න

WinRar අලුත්ම එක windows 64 bit එකට click කරන්න

WinRar අලුත්ම එක windows 32 bit එකට click කරන්න


පියවර 8 : දැන් unzip වෙලා messages, photos, video, Pokes, Friend list විදිහට folders හැදිලා ඇති..file ටික Html වලින් දීලා ඇති.ඕක click කරලා ඔයා කැමති browser එකකින් open කරගෙන ඔයාට අදාළ පණිවුඩ, ඡායාරූප බලන්න පුළුවන්.මේකේ විශේෂත්වය ඔයා delete කරපු දේවලුත් බලන්න පුළුවන් එක.


මම මේක ඔයා මකාදාපු ෆේස්බුක් පණිවිඩ, ඡායාරූප සහ වීඩියෝ ආපහු ගන්න පුළුවන් බව දන්නේ නැති අයටත් හෝ වෙනත් අයටත් උදව් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඔන්න එහෙනම් මං අදට ඔබේන් සමුගන්නවා......

දවස සුබ වේවා !
ඔබට ජය වේවා !

0 comments:

Post a Comment