Saturday, February 7, 2015

Command prompt එකට copy paste දාමු

command prompt හෙවත් cmd කියන්නේ software developing කරන අයට නැතිවම බැරි දෙයක්.මොකද ඕක නැතුව හදන පරිගණක codings check කරන්න errors හදන්න බැහැ.තව වැඩවලටත් උවමනා වෙනවා.අපි දැන් ඕකට access වෙන්නේ කොහොමද කියල බලමු.

1.search box එකේ command prompt ලෙස type කිරීමෙන්
2.run ගිහින් cmd ලෙස type කිරීමෙන් (Xp වල ඔහොමයි)
3.windows key එක සමග x button එක යෙදීමෙන් (win key + x )

මේ වගේ ක්‍රමවලින් ගිහින් cmd enter වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් cmd වල copy paste දෙන්නේ නැහැ...notepad එකේ යමක් ලියලා එක copy කරලා (Ctrl + c ) ඊටපස්සේ cmd ගිහින් right mouse click paste කරන්නේ නැතුව keyboard එකෙන් paste කරලා (Ctrl +v)
බලන්නකෝ.කිසිම paste එකක් වෙන්නේ නැහැ.output එක ^v තමයි :p

මේක copy paste වෙන විදිහට Change කරන එක තමයි අපේ වැඩේ දැන් :)

1.ඉහත ක්‍රමවලින් command prompt open කරගන්න
2.පහත රූපයේ පරිදි CMD window එකමත right click කර එහි properties select කරන්න

Enable Copy paste in CMD


3.එහිදී ඔබට Pop up Window එකක් පැමිණෙයි.එහි edit options යටතේ ඇති Quick Edit Mode එක tick කොට OK කරන්න.

4.එච්චරයි.දැන් ඔබට cmd එකේ copy paste හැකියාව ඇත.දැන් ඔබට cmd මත right click විතරක් කිරීමෙන් paste කිරීමේ හැකියාව තිබේ.

5.එමෙන්ම දැන් ඔබට cmd සිට අනෙක් ඒවාට paste කිරීමේ හැකියාවද තිබේ.ඒ සඳහා අදාළ text එක highlight කර right click කරන්න...එවිට අදාළ text එක copy වෙයි...එය දැන් තවත් ඕනෑම තැනක paste කරන්න.

ඔන්න එහෙනම් මං ගිහින් එන්නම්...!!!

දවස සුබවේවා !!
ඔබට ජයවේවා !!

0 comments:

Post a Comment