ඔබ ඉපදුනේ මේ මහපොලොවේ නම් ඔබගේ ජාතිය ආගම කුලය වර්ණ භේදය මට වෑඩක් නෑත, ඔබගේ විලාසිතාවන් මට වෑඩක් නෑත. මන්ද ඔබ මේ ලක් දෙරණේ ඉපදුනු මාගේම සහෝදරයෙක් වන බැවිනි.නමුත් ඔබ මේ මහපොලොවේ ඉපිද මේ ශ්‍රී ලක් භූමිය කෙලසන්නට කටයුතු කරන්නේනම් ඔබ කුමන ජාතියක්, කුමන ආගමක් ඇදෑහුවත් තමාට පෙර රට ලෙස ඔබට එරෙහි වන්නට මාතෘ භූමිය' වෙනුවෙන් අප සුදානම්.
උණක් සැදුණු විට ශරීරාංග සියල්ලට එ වේදනාව දැනෙන්නා සේ ශ්‍රී ලාංකික හැගීම අප රටේ සියලු දෙනාගේ සිත්වල කාවදිය යුතුය.සංවර්ධනය සිත්වලද ඇතිවිය යුතුය.මේ රටේ ඉපදුනු සියලු දෙනා සියලු භේද දුරැරලා එක්සත්ව එක්සිත්ව එකිනෙකාට සහෝදර බැදීමකින් යුතුව ජීවත් විය යුතුය....එය මාගේ පැතුමයි.
මේ 67 මගේ වන නිදහස් දිනය, මේ රට නිදහස් කරගැනීම වෙනුවෙන් උතුම් මෙහෙවරක් කළ අතීත සම්භාවනීය වීරුවන්ටද,මේ ලක් දෙරණ වෙනුවෙන් හිස්,අත්,පා,ඇස් ලෙස සිය ලක්මව කුරිරු ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට සිය දිවි පූජා කළ 27000 පමණ ඒ උදාර රණවිරුවන්ට සහ ආබාදිත රණවිරුවන් ඇතුළු සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මින් පුද කරන්නෙමි.ඔවුන්ට අප ආත්මයෙන් ආත්මයට ණයගැති බව අප කිසිදා අමතක නොකළ යුතුය.
එකම රටක්,එකම ශ්‍රී ලාංකික ජාතියක්,උතුම් වූ නිදහස් දිනයක්........!!!
ඔබ සැමට මාතෘ භූමියේ 67වන අභිමානවත් නිදහස් දිනයක් වේවා....!
0 comments:
Post a Comment